
(රංජන් කස්තුරි)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට (12 ) සිට මේ මස 20 වැනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
පෙර කාල සටහනේ පැවති විභාග කටයුතු සිදු කරන වේලාවන් සංශෝධිත නව කාලසටහන තුළ ද නොවෙනස්ව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නොහැකි සිසුන් සඳහා විදුහල්පතිතුමාගේ ද පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රාදේශීය ලේකම්තුමාගේ ද සහතිකයෙන් යුත් තාවකාලික හැඳුනුම්පතක් මගින් විභාගයට පෙනී සිටිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර උසස් පෙළ විභාගය හේතුවෙන් රජයේ පාසල් අද සිට මේ මස 20 වැනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
COMMENTS
සියලු දරුවන්ට හොදින් සමත් වෙන්නට හැකියාව ලැබේවා
පාසල් ළමුන්ට පළවැනි වාරයේ නිවාඩු ගොඩක් තියෙනවා. කෙසේ හෝ ඒවාත් සම්පූර්ණ වෙන්න ඕනේ...