ප්‍රකට ගිටාර් වාදන ශිල්පී බොබ් වියර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 79 කි.

‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ නමැති ප්‍රකට ඇමෙරිකන් රොක් සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ද බොබ් වියර් ය.

පසුගිය වසරේ සිට බොබ් වියර් දැඩි ලෙස පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි බව ද පැවැසෙයි.

1965 වසරේ ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ සංගීත කණ්ඩායම ආරම්භ කිරීමට මූලිකත්වය ගත් වියර්, වසර 60 කට වැඩි කාලයක් ගිටාර් වාදකයකු සහ ගායන ශිල්පියකු ලෙස කටයුතු කළේය‍

1995 වසරේ දී ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ සංගීත කණ්ඩායමේ අනෙක් සම නිර්මාතෘ ජෙරී ගාසියාගේ අභාවයක් සමඟ එම සංගීත කණ්ඩායමේ කටයුතු නිල වශයෙන් නතර කෙරුණි.