අත්අඩංගුවට ගන්න ගිය මන්ත්‍රී රෝහිතගේ දුව ගෙදර නෑ? කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර නුගගොඩ නිවසට ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 19 July 2025
උඩුදුම්බරදි වෑන් රියක් පෙරළී තුනක් මරුට:හයක් රෝහලට උඩදුම්බර මීමුරේ හබරකැටිය පටු මාර්ගයදී වෑන් රථ අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත්හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 19 July 2025
බිය කරන්න වෙඩි තැබූ ව්‍යාපාරිකයා - සුරාබදු පරීකෂක රිමාන්ඩ් තලවතුගොඩ සමාජ ශාලාවකදී අද (19) දින අලුයම පුද්ගලයාන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක දී බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබා සාපරාදි බිය ගැන්වීම සහ බලපත්‍ර කොන්දේසි අනිසි ලෙස භාවිතා කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු සහ ව්‍යාපාරිකයකු ලබන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. 19 July 2025
සජබ මන්ත්‍රී පුතා සැකපිට සමගි ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රය සැකකටයුතු ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි 19 July 2025
පදිකයන් අතරට මෝටර් රථයක් කඩා වදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, ඊස්ට් හොලිවුඩ් පළාතේ, සැන්ටා මොනිකා බුලවාඩ් හි සංගීත ප්‍රසංග ශාලාවක් ඉදිරියේ සිටි පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදුණි. 19 July 2025
කැමරාවේ සටහන් වුණු අනියම් පෙම බොස්ටන් නුවර කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක් අතරතුරේ, එම ප්‍රසංගය නැරඹීමට ආ යුවළකගේ වීඩියෝ දසුන් එම ප්‍රසංගයේ දැවැන්ත තිරයේ දිස් විය. මෙය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත. 19 July 2025
හිටපු ඇමති සාලින්දගේ ඉඩම් හුටපටය අල්ලස් කොමිසමට හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්කර 76ක ගොඩ මඩ ඉඩමක් සිය බිරිඳ සභාපති ධූරය දරූ හිරියාල ගොවි සමාගමට බදු දීමෙන් පසු අදාල බදු මුදල් නොගෙවා රජයට පාඩු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන සතියේදී පැමිණිලි කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 19 July 2025
ෂාරුක්ට අකරතැබ්බක් බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ෂාරුක් ඔහුගේ නවතම ’කිංග්’ චිත්‍රපටයේ ක්‍රියාදාම දසුනක් රූගත කරන අතරතුරේය. 19 July 2025
ජාතික ක්‍රීඩා උළෙල මහ ඉහලින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති වොලිබෝල් තරඟ ඉසව්වෙන් ආරම්භ කෙරිණි. 19 July 2025
සෝමාවතියට හදිසි ප්‍රතිකාර ඒකකයක් පොළොන්නරුව ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ ඉදිකිරීමට යෝජිත හදිසි ප්‍රතිකාර ඒකකය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සහ ස්ථානගත පරීක්ෂාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 19 July 2025
ධීවරයා මුහුදට වැටී අතුරුදන් ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව කළුතර ධීවර පරීක්ෂක කාර්යාලය සදහන් කරයි . 19 July 2025
දේශබන්දු කමිටුවේ වාර්තාව එන සතියේ කතානායකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මැතිසභා කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයාට භාර දීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 19 July 2025
සුළඟ තිදරුපියා බිල්ලට ගනී මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටස ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් තිදරු පියකු ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය. 19 July 2025
කෝටි තුනක තහනම් යතුරු පැදි කල්පිටියෙන් අල්ලයි මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්‍රදේශවලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගෙන ඇත. 19 July 2025
ගුවන්තොට අවට සරුංගල් තහනම් කටුනායක ගුවන්තොටුපළ කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින්නැයි ගුවන්තොටුපොළ කළමනාකරන අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි 19 July 2025
වෑන් රථ අනතුරින් 10ක් රෝහලට තිරප්පනය ප්‍රදේශයේදී වෑන් රථයක් අද(19) උදෑසන අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර තිබේ. 19 July 2025
වැස්සත් සමග කන්දක් නිවෙසකට වැටේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනළගම ජනපදයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. 19 July 2025
පළාත් කීපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 July 2025
ඔන්ලයින් ප්‍රේමය උඩු දුවලා පාසල් සිසුවියක රවටා ගෙන රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසිය කියයි. 18 July 2025
අ‘පුර වැව් 22ක රක්ෂිතවල දේශපාලකයන් සැප හෝටල් හදලා දේශපාලනඥයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදි කර ඇති බවට හඳුනාගෙන ඇතැයි වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. 18 July 2025
සබරගමු නවක වද සිද්ධියට උපකුලපති වෙනුවෙන් නීතිපති නෑ සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 18 July 2025
කහතුඩුව දරුවා පැහැර ගැනීම හිතළුවක් ? සුදු පාටට හුරු වෑන් රථයකින් 15 හැවිරිදි තුන් කුළුඳුල් පිරිමි ළමයකු කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන සිද්ධිය නිර්මාණය කරන ලද එකක් බවට දුරට සැක කරන බව කහතුඩුව පොලිසිය කියයි. 18 July 2025
දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දලින් හමුවෙයි දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී අද (18) හමු වූ බව දෙහිවල පොලිසිය කියයි 18 July 2025
නීතිවිරෝධීව මෙරට සිටි ඉන්දියානුවන් 21ක් අත් අඩංගුවට සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, ඒවා කල් ඉකුත් වූ පසුත්, නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ . 18 July 2025
ඉන්ධන බවුසර් උස්සපු අය නිදහස් කරන සූදානමක් මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් අස්ථානගතවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවත් එම ඉන්ධන බවුසර් අස්ථානගතවීම සහ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් නිදහස් කිරීමේ සූදානම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ පැමිණිල්ලක් කළේය. 18 July 2025
බලශක්තිය දියුණු කරන්න පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ පත්කිරීමට ඊයේ (17) තීරණය විය. 18 July 2025
පාසල් තුනක සිසුසිසුවියෝ ජනපති මන්දිරයට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන්කැටගොඩ විද්‍යාලෝක විද්‍යාලය සහ දිගම්පතහ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල් වල සිසුසිසුවියන් හට අද (18) අවස්ථාව උදා විය. 18 July 2025
තීරු බද්ද තවත් අඩු කර ගන්න අඛණ්ඩව සාකච්ඡා ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කරවා ගැනීම සඳහා ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය අද (18) ප්‍රකාශ කළේය. 18 July 2025
රාජිතගේ අපේක්ෂිත ඇපැල විසිවෙයි අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 18 July 2025
හිටපු කාන්තා - ළමා කටයුතු අමාත්‍යවරියට එරෙහි නඩුවට දින දෙයි නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතීයානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ වි 18 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026