(ඩී.ජී.සුගතපාල)

ගාල්ල කොටුවේ පිහිටා ඇති මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස අද රාත්‍රි ගින්නක් හට ගෙන ඇති අතර ගින්නෙන් අසල පිහිටි ගොඩනැගිල්ලක වහලයට හානි සිදුව ඇත.

එහෙත් ගින්නෙන් අධිකරණයේ ලිපි ලේඛනවලට හෝ දේපලවලට හානියක් සිදු නොමැත.

ගින්න හට ගැනිමත් සමග පොලිසිය සහ ගාල්ල ගිනි නිවිමේ ඒකකය පැමිණ ගින්න පැතිරයාම වළක්වා නිවා දැම්මට කටයුතු කරණ ලදී.

මෙතෙක් කරණ ලද පරික්ෂන වලදි අනිවරණයවි ඇත්තේ ඉවත දමන ලද කඩදාසි සහ වෙනත් අබලි ද්‍රව්‍ය රැසකට අධිකරණ සේවකයින් විසින් ගිනි තබා ගොස් ඇති අතර පසුව එම ගින්න පැතිර ගොස් ඇති බවටය.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.