
(රංජන් කස්තුරි)
සුදුසුකම්ලත් ඖෂධවේදියකු පූර්ණ කාලීනව සේවයේ යෙදවීමට අසමත් රටපුරා පිහිටි ඔසු අලෙවි සල් 2500කට අධික ප්‍රමාණයක් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇත.
ඔසු අලෙවි සල විවෘතව තබන මුළු කාලය පුරාම සුදුසුකම්ලත් ඖෂධවේදියකු එහි සේවයේ නිරත විය යුතු යන කොන්දේසිය මේ වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇති අතර එම සුදුසුකම් සපුරාලිය නොහැකි ඔසු අලෙවි සල්වලට 2026 වසර සඳහා බලපත්‍රය අලුත් නොකිරීමට තීන්දුවක් ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද තීරණයක්...
මෙම තීරණය නම් අගය යුතුයි. ඒ වගේම තත්ත්වයෙන් බාල ඖෂධ රට තුළට ගෙන එන මාෆියාවට ස්ථීර විසදුමක් සෙවිය යුතුයි.
නියමයි! ඔය වගේ ෆාමසියක් එකපාරක් මගේ තාත්තාවත් මරණවා. අම්ම ගියා තුන්ඩුව අරගෙන බෙහෙත් ටික ගන්න. ගෙදර ඇවිත් බෙහෙත් දෙනවා. හැබැයි ප්‍රෙෂර් බහින්නේ නැහැ. අන්තිමට හොදටම අමාරු වෙලා අරගෙන ගියා. ආයෙත් හොස්පිටල් එකට... දොස්තර අපිට බනිනවා ඇයි ප්‍රෙෂර් එකට දෙන බෙහෙත දුන්නේ නැත්තේ... තාත්තාව මරාගන්නද හැදුවේ කියලා. අපිට දොස්තර ලියලා දෙන එක කියවා ගන්න බැහැ. මොකද අපි කුරුටු ගී භාෂාව හදාරලා නැහැ. ෆාමසියට ගිහින් ඇහුවා. ඇයි මේකේ ප්‍රෙෂර් එකට දෙන බෙහෙත දුන්නේ නැත්තේ කියලා. ඒක මගෙන් අහනවා ආ ඒක ප්‍රෙෂර් එකටද කියලා. මිස් වුණාලු ඒක. මම ඇහුවා ඔයා කොහොමද දන්නේ නැත්තේ මේවා උගන්නනවා නේද කියලා. එයා නෙමෙයිලු ෆාමසිස්ට් එයා එන්නේ කලාතුරකින්ලු. පස්සේ හොයලා බලනකොට ඒක එතෙන්ට එන්නේම නැහැ. ලයිසන් එක විකුණලා එයා ගෙදරට වෙලා ඉන්නවා. මොවුන් මේ වගේ මිනිස්සු කීයක් මරණවා ඇද්ද?
ඒක තමයි හරිම දේ..
හොද තීරණවලින් එකක්...
ඉතාම හොදයි.
මේක ඇත්තටම හොදයි.
ඇත්තටම හොදයි මේ තීරණය. රටවල් හැදෙන්න නම් මෙවැනි තීරණ රජයන් ගත යුතුයි. මෙහෙම නීතී එනකොට එවැනි පාඨමාලා හදාරා ඇති අයට රැකියා විවෘත වේවී. ෆාමසිත් පැවතේවි...
හැම ෆාමසියකම සහතිකලත් ඖෂධ වේදියෙක් සිටීම අත්‍යාවශ්‍ය දෙයක්.., නමුත් මෙවැනි තීරණයක් ක්‍රියාත්මක කරනකොට එක රාත්‍රියකින් කරන්න බැහැ. මේවා දිර්ඝකාලීනව සැලසුම් කර ක්‍රියාත්මක කලයුතු ව්‍යාපෘති, මෙය ක්‍රියාත්මක විය යුත්තේ පියවර කිහිපයකට 1) රජය මෙවැනි තීරණයක් ක්‍රියාත්මක කරන බව වසර 3 පමණ පෙර ජනතාවට දැනුම් දිය යුතුය 2) වැඩිපුර අවශ්‍ය වන ඖෂධ වේදීන් බදවාගෙන පුහුණු කිරීමට රජය මගින් අවශ්‍ය ආයතන ඇතිකළ යුතුයි, (මේවා කරන්න රජයට මුදල් නැතිනම් ප්‍රමිතියක් ඇති පුද්ගලික විද්‍යාල මේ සදහා සමබන්ධ කරගන්නත පුළුවන්) මේවා මුකුත් නොකර එකවර බලපත්‍ර අවලංගු කර රටේ ෆාමසි වැසි ගියොත් තිබෙන ෆාමසි වල අනවශ්‍ය පෝලිම් ඇතිවී, වැඩි මිලට බෙහෙත් විකිණීම, බෙහෙත් විකුණන කළුකඩ මාෆියාවක් රටේ ඇතිවී ජනතාව අපහසුතාවයට පත්වී, ජනතා විරෝධය මත මේ නීතිය අකුලා ගැනීමට රජයට සිදු විය හැකිය.
ඖෂධවල මිල ඉහළ යාමක් සිදු වේ.
මේ තීන්දුවත් එක්ක ඖෂධවේදීන් තමන්ගේ සහතිකයට රු 60, 000 සිට 75, 000 දක්වාත් සේවය වෙනුවෙන් තවත් රු 80, 000 සිට 100000 දක්වාත් ගණන් වැඩි කර තිබේ. කුලී පදනම මත සේවය ලබා දෙන බොහෝ සුළු පරිමාණ pharmacy හිමිකරුවන් දැඩි අසරණතාවකට පත්ව ඇත. එවැනි මුදලක් ගෙවීමට තරම් ආදායමක් ඔව්න්ට නොමැති අතර බෙහෙත් agency වලින් ලැබෙන 15% ගාස්තුවෙන් සියළු පිරිවැය දරාගත යුතුව ඇත. අනෙක් පසින් බෙහෙත් agency බොහෝ විට masayak, හෝ සති 6 ක කාලයකින් ඔව්න්ගේ අයවීම් ලබා ගත්තත් වෙළඳසල් හිමියා ඒ බෙහෙත් විකිණීමට අඩුම වශයෙන් මාස 6 ක් හෝ ඉන් ඔබ්බට බලා සිටීමට සිදු වේ. අර කී ආදායම ලබා ගැනීම ඒ අනුව කල් යයි. ඇත්තට ම මෙය ඛේදවාචකයකි.
ඉතාම හොද තීරණයක්... එය එලෙස විය යුතුමයි.