
දිට්වා' සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කර ගැනීමට රජය මගින් ලබා දෙන රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් රාජාංගන වැවේ පන්සලේදී පැවැත්වෙයි.
අනුරාධපුර රාජාංගනය, සිරිමාපුර, ගල්නෑව, හඳුන්ගම, සහ කුරුණෑගල නිකවැරටිය, විතිකුලිය මංසන්දිය රීදිගම සහ දොඩම්ගස්ලන්ද යන ප්රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අද එම ආධාර ලබා දෙනු ඇති.
'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ මෙම වැඩසටහන් මෙය ක්රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපේ සහ මාලිමා ඩෝබි බලකායට ප්රමුඛත්වය දීලා ඊට පස්සේවත් ආපදාවට පත්වූ ජනතාවට දුන්නොත් ඒත් අපි නම් පුදුම වෙනවා. වසරක් පුරා රට ගිය හැටි අපි දැක්කානේ!
සුනාමියෙන් අවතැන්වූ අසරණයින්ට එවපු පවුම් මිලියන ගාණක සුනාමි ආධාරත් හොරාකාපු දූෂිත දේශපාලුවෝ අපේ රටේ හිටියේ... වත්මන් ජනතාවාදි අදූෂිත නායකයා අපේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ආකාරය ගැන සතුටුයි.
හිටපු දූෂිත නායකයෝ ආසියාවේ ආස්චර්ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා, රටම හොරාකාලා විනාශ කෙරුවා. ජනතාව එළවලාම දාපු හැටිත් ලෝකෙම දන්නවා. ජනතාවාදී නායකයා අපේ රටට සැබැවින්ම සවුබාග්යයේ දැක්ම පෙන්වනවාට කිසිම සැකයක් නැහැ.
මම දැනට සේවය කරන්නේ වතුපිටිවල ඇගලුම්කම්හලක ලිපිනයේ ඇති නිවස පමනයි මාහට ඇත්තේ නමුත් ඒ පරිසරය නායයාමක්හේතුවෙන් ඉවත්කර ඇති නමුත්මේ වනතුරු මට කිසිම දෙයක් ලැබුනේ නැහැ මගේ ගෙදර මම පදිංචි නැහැ කියලා මම ගමේ හිටියොත් ජීවත්වෙන්න රැකියාවක්නැහැ. මෙහෙම අසාදාරනකම් කරන්නේ ඇයි...?