(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නීතිපති සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2019 වසරේ සිට 2024 වසර දක්වා ඉල්ලා අස්කර ගත් නඩු 102 කින් නඩු 34ක් නැවත නොපැවැරීමට තීරණය කර ඇතැයි  ආචාර්ය හරිනි අමරසූරිය  මෙනවිය  පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය.

මින් අඩු 65ක් නැවත පවරා ඇති බව පැවසූ අගමැතිවරිය,  පාර්ලිමේන්තුවේ දැනට සිටින සහ හිටපු බලවත් අයට එරෙහිව නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන් කළාය.

ඇය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ   අජිත් පී  පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.