ආචාර්ය නදීශා අගමැතිනිය හමු වෙයි
බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ ’’බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්’’ පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවිය.