වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව් දෙනාගෙන් එක් අයකුගේ සිරුර අද සවස සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. 13 May 2025
මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි. 13 May 2025
ලුණු මිල ඉහළට ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය. 13 May 2025
කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටුවේ නිලධාරිහු බස් අනතුර සිදු වූ ස්ථානයේ සහ අනතුරට පත් බස් රථය පරික්ෂා කිරිම සදහා කොත්මලේට අද දින පැමිණියහ. 13 May 2025
ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 13 May 2025
ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන් ත්‍රිරෝද දෙකේ ගමන් ගත් අවුරුදු තුනක දැරියක් ඇතුළු හය දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 13 May 2025
ජපානය කනස්සල්ලෙන් ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණසල්ල පළ කළේය. 13 May 2025
වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි. 13 May 2025
නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 13 May 2025
ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 13 May 2025
විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 18.3 ක සැලකිය යුතු වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 13 May 2025
ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය. 13 May 2025
ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන් ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය. 13 May 2025
ත්රස්තවාදයට සමාව නෑ - මෝදි ත්රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැති ජන රැලියක් අමතමිනි. 13 May 2025
තරුණියක ගින්නට අසුව මියයයි කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 13 May 2025
අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි. 13 May 2025
පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 13 May 2025
කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන විට දැවැන්ත බල ’’පොරයක්’’ නිර්මාණය වී තිබේ. 13 May 2025
පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින් පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 13 May 2025
හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක් තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 12 May 2025
කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 12 May 2025
දුම්රියේ ගැටි තරුණයකු මරුට මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි. 12 May 2025
ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය. 12 May 2025
දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි 12 May 2025
කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත. 12 May 2025
‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ ‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හොත් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් සූර්ය බල ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන කුෂාන් ජයසූරිය මහතා ‘ලංකාදීප’යට අද (12) පැවසීය. 12 May 2025
රනිල් ගංගාරාමයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය. 12 May 2025
වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අද (12) ආරම්භ විය. 12 May 2025
දන්සැල් ගැන දැනුම් දීමක් බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 12 May 2025
ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 12 May 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025