
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ඉන්දීය සංචාරයකට සුදානම් වෙයි. ඒ, නවදිල්ලියේ පැවැත්වෙන ඒ.අයි. කෘත්‍රිම බුද්ධි සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.
ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන බව වාර්තා කර ඇත්තේ ඉන්දීය මාධ්‍යයයි. ඒ.අයි. කෘත්‍රිම බුද්ධි සමුළුවට අමතරව, මැක්රොන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්වී පාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගනු ඇතැයි ද පැවැසෙයි.
නවදිල්ලියේ පැවැත්වෙන මෙම සමුළුව, ගෝලීය දකුණේ සත්කාරකත්වය දරන පළමු ගෝලීය කෘත්‍රිම බුද්ධි සමුළුව වනු ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ප්‍රංශයේ සංචාරයක නිරතව සිටි අවස්ථාවේ, ඔහු ප්‍රංශ විදේශ අමාත්‍යවරයා හමුවී පවසා ඇත්තේ මැක්රොන් පිළිගැනීමට ඉන්දියාව සූදානම් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd