
ඉරාන ඉස්ලාමීය රජයට එරෙහි විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි. විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යොදවා ඇත. දෙපිරිස අතර ගැටුම්වලින් මියගිය ගණන මේවනවිට 116 ක් බව පැවැසෙයි.
ඉරානයේ නගර 180ක ස්ථාන 500කට වැඩි ප්රමාණයක් පුරා පැතිරුණු ප්රචණ්ඩ විරෝධතා හේතුවෙන් මියගිය පිරිස අතරේ බාලවයස්කරුවන් නව දෙනකු ද සිටින බව වාර්තා වේ.
2,600කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇත.
විරෝධතාකරුවන් තවදුරටත් රජයේ දේපළවලට හානි කරමින් ප්රචණ්ඩව හැසිරෙන අතර එරට පුරා අන්තර්ජාල සේවා ද තවමත් අක්රිය තත්ත්වයේ පවතින බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd