ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය. 14 May 2025
‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරිවරයකු ලවා පරීක්ෂා කර ඔහුට ඇති රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට අද (14) නියම කළේය. 14 May 2025
කැනඩාවේ හැදූ ස්මාරකයට විජිත විරෝධය පළ කරයි ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතාට දැනුම් දුන්නේය. 14 May 2025
මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැවැසෙයි. 14 May 2025
ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (14) පැවසීය. 14 May 2025
කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝග්ලෝබින්’ සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මිය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩු 14 May 2025
සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක් මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම අද (14) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි 14 May 2025
දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 May 2025
මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක් ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපේක්ෂිත ඇප ඇයදුමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය. 14 May 2025
පෙම් යුවළ බසයට බිලි යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පොලීසිය කියයි. 14 May 2025
බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් මාර්ගය මේ මස 17 සහ 18 දෙදින වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 14 May 2025
කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 14 May 2025
කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ. 14 May 2025
ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන ’’වෙසක් බැති ගී සරණිය’’ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී දෙවන දිනටත් ආරම්භ විය. 14 May 2025
දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි 14 May 2025
වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි. 14 May 2025
රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (14) දින උදෑසන මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. 14 May 2025
යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 14 May 2025
ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අතර, ඔහු සහ චීන ජනාධිපතිවරයා අතර හමුව පැවැත්වූයේ ඒ අනුවය. 14 May 2025
කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක් කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 14 May 2025
ට්‍රම්ප් ට සැප ගුවන් යානයක් සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර් රජ පවුලෙන් සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානායක් තෑගි කෙරෙනු ඇතැයි ද පැවැසෙයි. 14 May 2025
සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ සෞදි සංචාරය අතරතුරේය. 14 May 2025
ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 89 කි. 14 May 2025
ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ බව වලපනේ පොලිසිය කියයි. 14 May 2025
පොලුවලින් පහරදී අයෙක් මරලා දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි. 14 May 2025
හොර පොහොර හදා වැඩි මිලට විකුණලා නයිට්රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිදු කළ පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ ස්ථානයක් වටලා පුද්ගලයින් 12 දෙනකු අද(14) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 14 May 2025
කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය. 14 May 2025
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 May 2025
හපුතලේ ගමකට මහ සුළඟක් හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිතාගාර කීපයක් විනාශ වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය. 13 May 2025
මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ ’’2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව’’ අනාවරණය කළේය. 13 May 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025