(නිමල් ජයරත්න )

හබරණ ගල්ඔය, සහ රොටවැව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් දිගු කලක සිට ගංජා විකුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු  සිව්දෙනෙකු ගංජා තොගයක් සමඟ  අත්තඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
  
මහා පරිමාණයෙන් ගංජා විකුණූ මෙම පුද්ගලයන් හබරණ අලුත්ඔය සිංහගම, රොටවැව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු තිස්පහ හතළිහ සහ හැට වයසේ පසු වන්නන් බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන හබරණ පොලිසිය සඳහන් කරයි.
 
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් මත හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුසංක දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදුකළහ.
 
අත්අඩංගුවට ගත් සිව්දෙනා ගංජා තොගය සමඟ  අද(13 )  හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය.