(සුජිත් හේවාජුලිගේ)

දෙස් විදෙස් කීර්තියට පත් ජ්‍යෙෂ්ඨ  ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ආරක්ෂක විශ්ලේෂකයෙකුවු ඉක්බාල් අතාස් මහතා අද අලුයම දිවි සැරිය නිම කළේය.

කෙටි කාලයක් රෝගාතුරව සිටි  අතාස්මහතා මිය යන විට  81 වැනි වියේ පසුවිය අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසාන භුමියේ දී සිදු කෙරේ.

ඔහුගේ   දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර ඇත