(රංජිත් රාජපක්ෂ )             

මධ්‍යම වනජීවී කලාපයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන නිලධාරීන්, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්භාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී  දෛනික සිදුකරන සංචාරකයින්ගේ ගමන් මලු පරික්ෂා කිරීමේදී ඇමරිකන් ජාතිකයෙකුගේ ගමන් බැගය පරික්ෂා කිරීමේදී එය තුල තිබී රසායන ද්‍රව්‍ය තුල බහා තිබු කෘමි සතුන්ගේ සාම්පල, රසායන ද්‍රව්‍ය හා කුඩා සතුන් අල්ලන උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.

එහිදී හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු වන එම්.එම්.කේ. මොරතැන්න මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත හෝටන්තැන්න ජාතික උද්‍යානයේ නිලධාරීන් සමග හක්ගල අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක මහතා, එම ඇමරිකන් ජාතිකයා හා  ඔහු සමග පැමිණි කාන්තාව නැවතී සිටි නුවරඑලිය නගරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පරික්ෂා කිරීමේදී මෙම විදේශිකයන් නැවතී සිටි කාමරයේ තිබී මෙරටට ආවේණික තවත් කෘමි සතුන්ගේ සාම්පල 15ක් පමණ සහ රසායන ද්‍රව්‍ය සමග මෙම විදේශීය පුද්ගලයා හා කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකාර විදේශිකයන් දෙදෙනා (12) දින මෙම නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගෙන, විදේශ ගමන් තහනම් කර ලක්ෂ 10 බැගින් ශරීර අප මත නිදහස් කර නැවත මෙම නඩුව 26 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.