(අංජුල මහික වීරරත්න)

මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත 2025 වර්ෂයට අදාලව ලබා දුන් ආදායම් ඉලක්කය  ඉක්මවා ආදායම් ඉපයීමට  සමත් වූ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100 ක ආදායමක් උපයා ඇති බව ද තැපැල්පතිවරයා සදහන් කරයි.

එමෙන්ම පසුගිය වර්ෂයේ  දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට එම සේවාවට අදාලව විවිධ වෘත්තීන් සදහා නව  බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බවත්, නව තැපැල් කාර්යාල සදහා මුල්ගල තැබීම්, විවෘත කිරීම් ද බොහෝමයක් සිදුවූ බවත්  තැපැල්පති රුවන් සත්කුමාර මහතා කීය.

2025 ජුනි මාසයේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378ක් සදහා ස්ථීර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත්, එම ස්ථීර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදුවූ පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම බවත් තැපැල්පතිවරයා කීය.