
(දයාරත්න ඇඹෝගම)
ගාලදිවුල්වැව ප්රදේශයේ විහාරස්ථායක හිමි නමක් නිධන් ලබා ගැනිමේ අරමුණින් ධර්ම ශාලාවේ කැනීම් කරමින් සිටියදි අත්අඩංගවට ගත්බව ගාලදිවුල්වැව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේ 47 හැවිරිදි බාරකාර හිමිනමකි.
මෙම හිමිනම සිය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ නිධන් හාරමින් සිටින බවට පොලියේ අංක 119 දුරකතනයට පුද්ගලයෙකු ලබාදුන් ඇමතුමක් අනුව හිමිනම අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් නිලධාරින් එම ස්ථානයට යන අවස්ථාවේදි හිමිනම තනිව ධර්ම ශාලාවේ අඩි 04ක් ප මණ ගැඹුරට පොලොව හාරා තිබු බවත් පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසරෙන් එතෙර වෙන්න ලේසි නෑ. කොච්චරක් නම් කියලා හාරන්නද?
මහණ වෙලත් කරන වැඩ තමයි මේවා.... ගිහියොවත් මෙහෙම කරන්නේ නැහැ
ධර්මය සෙවිය යුතු කාලේ නිධන් සොයා සසරට වැටෙන්නේ මන්ද හිමියනේ