(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (9) දින පෙරවරු 11ට අවසන් කරන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා පවසයි .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ඊයේ (8) පස්වරුවේ නිකුත් කර ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් පිළිබදව විශේෂ අනතුරු ඇගවීමේ පණිවිඩයට අනුව මෙම තීරණය ගත් බව හෙතෙම කීය .

මේ අනුව මෙම අවධානම් තත්ත්වය හමුවේ පාසල් පැවත්වීම නුසුදුසු යැයි හැගෙන්නේනම් අදාල කලාප අධ්‍යක්ෂ වරුන් සමග සාකච්ඡා කර එවැනි පාසල් අද (9) දින නොපැවත්වීමට කටයුතු කරන ලෙසට ද විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවත් ඌවපලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා සදහන් කළේය .