
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දැනට සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරියක ඇගේ විවාහය සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය කියයි.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එම්. නිශාන්ත මහතාගෙන් ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ විමර්ශනය අරඹා ඇත.
චෝදනාවට ලක්ව ඇති ප්‍රාදේශීය ලේකම්වරිය රත්නපුර දිස්ත්‍රික්කයේම උපන් තැනැත්තියකි.
ඇය 2014 වර්ෂයේ ජූලි මාසයේ යුදහමුවේ මාණ්ඩලික නිලධාරියකු සමග විවාහ වී තිබේ. විවාහයෙන් මාස දහයකට පසු 2015 පෙබරවාරි මාසයේ දි සැමියා මියගොස් තිබේ.
සැමියා මියයාමෙන් මාස අටකට පමණ පසු ඇය දෙවන විවාහයක් සිදුකරගෙන තිබේ.
ඒ මියගිය තම සැමියාගේ රාජකාරී සහායකයා (බඩී) වු හමුදා සෙබළා සමගය. ඒවනවිට වැන්දඹුවකවු ඇය දෙවන විවාහ සහතිකයේ සිවිල් තත්ත්වය ලෙස දක්වා ඇත්තේ “ අවිවාහක” ලෙසය.
දෙවන විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටින අතර පියා ලෙස උප්පැන්න සහතිකවලට යොදා ඇත්තේ මියගිය පළමු සැමියාගේ නමය.
පසුව 2018දී ඇගේ දෙවන සැමියා වු හමුදා සෙබළා සිය නම චෝදනාවට ලක්ව ඇති ප්‍රාදේශීය ලෙකම්වරියගේ පළමු සැමියාගේ වාසගම හා නම ලෙස භාවිතකරන බවට වෙනස් කර ඇත.
එය ඔහුගේ උප්පැන්න සහතිකයේ 13වන කොටසෙන් දෙවන වරට වෙනස් කර තිබීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමුව ඇත.
COMMENTS
තව ඒ අයගේ ඡායාරූප, දරුවන්ගේ විස්තර, යන ඉස්කෝල, ලිපිනය, දෙමව්පියන්ගේ විස්තර ලැජ්ජා නැතිව පලකරන්න ප්ලීස්.
මේවා කුණු හොදන රෙදි හොදන වැඩ රජයට මේවා ට නඩු දාන්න යන වියදම බලන්න. ඊට වැඩිය රජයට වැඩ තියෙනවා. රෙදි හෝදනවා රෙද්දේ රෙවි රෙවී...
මෙයාල විමල්ගෙන් ඉගෙන ගෙන තියන්නේ.
දැන් ඉතින් දෙවැනි සැමියාටත් සේවා ස්ථානයේ ප්රශ්නයක් වෙන්න පුලුවන්... ඊළගට හිටපු සැමියා වෙනුවෙන් වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් ලබනවා නම් ඒ නමින් හා වාසගමින් සැමියාත් ඉන්නවානම් ලොකු ගැටලුවක් තමයි
දරුවෝ නිසා නම වෙනස් කලා වෙන්නත් පුලුවන්..
දැන් මොකක්ද මේකේ තියෙන කූඨ ලේඛණේ.