(කේ බුද්ධික කුමාරසිරි)

නවගමුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගබඩාවක් තිබූ ගොඩනැගිල්ලක ඇති වූ  ගින්නක් නිසාවෙන් එම ගොඩනැගිල්ල ඇතුලත සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

අදාල ගින්න නිසාවෙන් එම ගොඩනැගිල්ල තුළ තිබූ රෙදි ගබඩාවක් සහ කාර්යාලයීය ලිපිගොනු රැසක් විනාශ වී ඇතැයි ද පොලිසිය පවසයි.

කොළඹ මහ නගර සභාවේ සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකක පැමිණ ගින්න පැතිරීම වලක්වා මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

අදාල ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිදු වූ පාඩුව ගණනය කර නොමැති බවත් නවගමුව පොලිසියේ උසස් නිළදාරියෙකු පැවසීය.

ගින්න හට ගැනීමෙන් මිනිස්  ජීවිතවලට හානි සිදුව නොමැති බවද එම උසස් නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.