
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම් ධර්මපාල)
මෙරට සංචාරයක් සඳහා පැමිණි කුවේට් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ රුපියල් ලක්ෂ 13 කට ආසන්න වටිනා මුදල් අඩංගු කුඩා බෑගය සොරාගත් කුලී රථ රියදුරා දින 12 කට පසු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
සැකකාර රියදුරා සොරාගෙන තිබූ ඇමරිකානු ඩොලර් 2000 ක් , කුවේට් ඩිනාර් 112 ක් බැංකු කාඩ්පත් හා ලිපි ලේඛන පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඉකුත් මස 26 වෙනිදින මෙරට සංචාරයකට පැමිණි තිබූ විශ්‍රාමික පොලිස් නිලධාරියා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට කොළඹ කොටුව හෝටලයක් වෙත සුඛෝ භෝගී මෝටර් රථයකින් පැමිණ ඇති අතර හෝටලය තුළට ගොස් මඳ වේලාවකදී රැගෙන ආ කුඩා බෑගය කුලී මෝටර් රථයේ අමතකව ගිය බවට පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ හොරුන්ගේ කුලී රථ ධාවනයට දීලා තියෙන අවසර පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ යුතුයි.