‘යහපාලන ආණ්ඩුව ණයගත්තේ බලය රැකගන්නයි’
යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළදී ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 26ක විදෙස් ණය මුදලෙන් කිසිදු කල්පවතින, ආදායම් උපයන ආයෝජනයක් කර නොමැති බවත්, ඔවුන්ට ණය ලබාගැනීමට සිදුවූයේ තම බලය රැක ගැනීමට යැයිද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (1) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.