(රොමේෂ් මධුෂංඛ )
රුපියල් කෝටි 2 කට අධික කේරල ගංජා කිලෝ 147 ක් තලෙයි මන්නාරම් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිදුකරනු ලැබූ සෝදිසි සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් දෙකක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම පාර්සල් පරික්ෂා කර බැලීමේදී කේරල ගංජා තොගය සොයා ගෙන ඇත.
ඉන්දියාවේ සිට අදාල කේරල ගංජා තොගය රැගෙන ඒමෙන් පසුව නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
සොයාගත් කේර්ල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් මුලංකාවිල් පොලීසිය වෙතට ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd