(සිරංගිකා ලොකුකරවිට)
මැතිවරණය සඳහා දිනයක් තීරණනය කරනතුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු නවතා කොවිඩ් - 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
'' මේ වෙලාවේ අපි සැවොම එකතු වෙලා කරන්න අවශ්‍ය එකම දේ කොවිඩ් සතුරා පරාජය කරන එක. ඒ් වගේම ජනතාවට විවිධ බෙදා හැරීම් හරහා කෙරෙන වක්‍ර ප්‍රචාරද, ජනමාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරද මේ අවස්ථාවේ දී නොකර සිටින ලෙසත් අපි ඉල්ලා සිටිනවා." මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මහා මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම සළකා බැලීම පවා කරනු ලබන්නේ කල්තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කර මාසයකට පසුව එනම් ලබන අප්‍රේල් මස 20 වැනි දිනය පසුවී බව ද හෙතෙම පවසයි.
මැතිවරණ දිනය කල් තැබීමට අදාල ගැසට් නිවේදනය අංක 2157/19 යටතේ 2020 මාර්තු 21 වැනි දින නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපතිතුමා කොවිඩ් ඇතිවුනේ මාර්තු මාසයට පෙරනේද? පාර්ලිමේන්තුව විසුරුවීමට තිබුනේද මාර්තු මාසේ නොවෙයි නේද? කොවිඩ් නිසා පාර්ලිමේන්තුව විසිරවීමකින් තොරව තිබුනා නම් මෙම තත්වය ඇතිනොවන බව වැටහුනේ නැද්ද?. පුද්ගලික වාසිතකා රාජකාරි හුවමාරු කරන්න එපා කියන්නේ රජයේ සේවකයින්ට පමණද?