ගෝඨාභයට රට යන්න අවසර හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට යාමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(03) අවසර ලබාදුන්නේය. 03 October 2019
එජාප විශේෂ සම්මේලනය ඇරැඹේ ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම සදහා වන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 03 October 2019
පාකිස්තානයට 2-0 ක ජයක් පාකිස්තානු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට අද (02) සමත් වූහ. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්තානු පිල කඩුලු 5 ක පහසු ජයක් ලැබීය. 02 October 2019
ආගමන විගමන නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත්වීම අද (02) සිට ඉදිරි පැය 48 ක කාලය තුළ සිදු නොවුණ හොත් සියලුම ගුවන් තොටුපළ , වරාය ඇතුළු මෙම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි. 02 October 2019
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති හෙට ක්‍රියාත්මක කිරීමට තිබූ විරෝධතාවය අත්හිටුවයි රාජ්‍ය සේවයට සාපේක්ෂව විශ්ව විද්‍යාල සේවක වැටුප්වල පවතින විෂමතාවය ඉවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පියවර ගැනීම මත විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව හෙට (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලිය තවකාලිකව අත්හිට වූ බව එම එකමුතුව පවසයි. 02 October 2019
ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි සහතිකය නිත්‍යනුකූලයි හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පුරවැසි පනතේ විධි විධාන අනුව නිත්‍යනුකූල සිය ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගෙන ඇතැයි නීතිපතිවරයා අද (02) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 02 October 2019
පාකිස්තානයට 298ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේ අද (02) පැවැත්වෙන 3වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50කදී කඩුලු 9ක් දැවී ලකුණු 297ක් රැස්කළේය. 02 October 2019
මුහුදු මහා විහාරාධිපති හිමියෝ සත්‍යග්‍රහය නවත්වති පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් වල සිදුකරන අනවසර ඉදිකිරීම් නවත්වන්නැයි ඉල්ලමින් නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි හිමියන් සහ උඩමලත්තේ රතනප්‍රිය හිමියන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (02) අවසන් කරනු ලැබූහ. 02 October 2019
‘‘විශ්‍රාම ගියාට පසු තනතුරු වලට පක්ෂවලින් ආරාධනා ලැබුණා‘‘ විශ්‍රාම ගත්තාට පසු මම තීරණය කළේ වරප්‍රසාද ලබාගන්න නෙවෙයි,වසර 71 ක් මේ ජනතාව පීඩා විඳින ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි,විශ්‍රාම ගියාට පසුව නොයෙක් තනතුරු සඳහා පක්ෂවලින් මට ආරාධනා ලැබුණා, යැයි ජනපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (02) රත්නපුරේ දී පැවසීය. 02 October 2019
ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම සළකා බැලීම හෙටට කල්යයි හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයකු ලෙස පිළිගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම හෙට ( 03) පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. 02 October 2019
ගිවිසුමේ කෙටුම්පත ශ්‍රීලනිපයෙන් සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් ඒ සදහා අත්සන් තැබිය යුතු ගිවිසුම්වල කෙටුම්පත් එම පක්ෂය වෙත යොමුකළ බවත් ඒ සදහා ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය. 02 October 2019
යෝෂිත ලූතිනන් කමාන්ඩර් නිලයට නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතා තාවකාලික ලූතිනන් කමාන්ඩර් නිලයට උසස් කර නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසයි. 02 October 2019
විදුහල්පති - ගුරු සංගම් වර්ජනය අත්හිටුවයි ගුරු - විදුහල්පති සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දින පහේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගම් සඳහන් කරයි. 02 October 2019
වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකෙයි වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද ( 02) තීරණය කර තිබේ. 02 October 2019
ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධ ලිපි ගොනු මා ළඟ නෑ හිටපු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා අද ( 02 ) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 02 October 2019
ජනපතිවරණයට අපේක්ෂකයෝ 20 ක් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට සඳහා තරග කිරිම සඳහා මේ වන විට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. 02 October 2019
තවත් තිදෙනෙක් ඇප තැන්පත් කරති මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් තරග කරන එහි නායක ඒ.එස්.පී. ලියනගේ මහතා අද (2) ඇප තැන්පත් කළේය. 02 October 2019
සජිත්ගේ අපේක්ෂකත්වය තහවුරු කරන විශේෂ පක්ෂ සම්මේලනය හෙට ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම සදහා වන විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී හෙට(3) උදෑසන 9.00 සිට පැවැත්වේ 02 October 2019
කටවුට්-බැනර් ඉවත් කරන්න උපදෙස් මෙරව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ ස්ථානයන්හි ප්‍රදර්ශනය කරනු ලබන බැනර්, පොස්ටර් ඇතුළු ප්රචාරක දැන්වීම් සියල්ල ඉවත් කරගත යුතුබව ප්‍රධාන පක්ෂ සියල්ලට ලිඛිතව දැනුම් දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 02 October 2019
ගෝඨාගේ පාස්පෝට් - හැඳුනුම්පත් ලියැවිලි නීතිපති දෙපාර්තමේන්තුවට හිටපු ආරක්ෂක ලේකම් හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පතට සහ ගමන් බලපත්‍රයට අදාළ සියලුම නීත්‍යනුකූල ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (1) බාරදුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසේ. 02 October 2019
වැඩබලන සොලිසිටර් ධූරයට සංජය රාජරත්නම් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා වැඩබලන සොලිසිටර් ජනරාල් ධුරයට පත් කර තිබේ. 02 October 2019
තැපෑලේ පරිගණක තවමත් ලෙඩින් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාලවල පරිගණක ජාලයේ පවතින දෝෂයක් නිසා ජනතාව මහත් අසීරුතාවයට පත්වී ඇත. 02 October 2019
යාල කලාප අංක 01 අද සිට විවෘතයි යාල ජාතික වනෝද්‍යානයේ කළාප අංක 01 අද (2) සිට විවෘත කර ඇති බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය. 02 October 2019
හේමසිරිට-පූජිත්ට එරෙහි පෙත්සම් 12 විභාගයට ගන්න තීරණය කරයි ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගැනීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය. 02 October 2019
ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහිව ගොනු කළ පෙත්සම සළකා බැලීම ඇරැඹේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම අද (2) අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි. 02 October 2019
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, කලුතර, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්ක සදහා නායයෑම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 02 October 2019
පළාත් 5කට අද ගිගිරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව යන පළාත්වලට සහ ගාල්ල, මාතර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට අද(02) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 October 2019
‘‘එජාපෙ තරුණ සංවිධාන සමඟ තරුණ ව්‍යාපාරයක් ගොඩනගනවා‘‘ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල තරුණ සංවිධාන හා වෙනත් තරුණ සංවිධාන සමඟ එක්ව පුළුල් ‘තරුණ ව්‍යාපාරයක්‘ ගොඩනගන බව සජිත් ප්‍රේමදාස මහතාගේ 2019 ජනාධිපතිවරණ තරුණ මෙහෙයුම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 01 October 2019
රණබිම විද්‍යාලයේ විදුහල්පතිගේ මාරුවීම අත්හිටුවයි පේරාදෙණිය,ගන්නෝරුව,රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදී ස්ථාන මාරු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කළ නියෝගයක් මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් අද (01) අත්හිටවනු ලැබ තිබේ. 01 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026