IMG-LOGO

කටුනායකට පැමිණි 3491 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලට

(ටී.කේ.ජී.කපිල )

ගෙවී ගිය දින 12 ක කාලය ඇතුළත  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සදහා, රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණි පිරිස සඳහා 10 දින අලුයම 4.00 සිට ආරම්භ කර තිබූ නීරෝධායන කටයුතු අද(22) දින සවස 3.00 ට නිල වශයෙන් නිමාවට පත් කළ බව ද ඒ මහතා කීවේය.  

             
මෙතැන් සිට රජයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ අවසරයක් ඇතිව ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ගෙන්වූවොත් මිස, එයින් පරිබාහිරව කටුනායක ගුවන් තොටුපළ සිට ක්‍රියාත්මක නීරෝධායන වැඩසටහන නිමාවට පත් කර ඇති බවද ගුවන් තොටුපළ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මගීන් කිසිදු බාධාවකින් තොරව පිටත්ව යන අතර , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ රට තුළට පැමිණෙන ගුවන් මගීන් සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

කෙසේ වෙතත්  සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා, හදිසි ගොඩබැස්සවීමට පැමිණෙන ගුවන් යානා, කාර්මික දෝෂ මත ගොඩබැස්සවීමට පැමිණෙන ගුවන් යානා , ආහාර සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ගුවන් යානා සහ මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා ද තවදුරටත්  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබේ.



අදහස් (2)

කටුනායකට පැමිණි 3491 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලට

de silva Sunday, 22 March 2020 12:02 PM

දැන් මුලින් නිරෝධනයට සහභාගි වුන පිරිස ගෙදර ගිය නිසා , මධ්‍යස්ථානවල ඉඩකඩ තිබෙන නිසා අලුතෙන් විශේෂ අවසර මත එන සියලුදෙනාමව නිරෝධන මධ්‍යස්ථාන වලට යොමු කරන්න , ගෙවල් වල ඉදන් නිරෝධාන කරන වැඩේ එපමණ සාර්ථක නැහැ , සමහරු ගෙදරින් පිට නොගියත් රට සිට පැමිණි පුද්ගලයන් මුණ ගැහෙන්න ඔවුන්ගේ නෑයෝ යාලුවෝ ගෙදරට එනවා,

:       3       4

de silva Sunday, 22 March 2020 01:24 PM

සමහරු මම දමල තිබෙන අදහසට විරුද්ධ බවට ලකුණු කරලා තිබෙනවා , ඔවුන් මදකට සිතා බලන්න ඕනේ පිටරටින් එන ටික දෙනා නිසි අධීක්ෂණය යටතේ නිරෝධනය කරන එකක්ද, එසේ නොමැතිනම් රටම තව මාස කිහිපයක් වහල තබන එකද සාධාරණ කියල , රජයේ අධීක්ෂණය යටතේ නිරෝධනය වෙන්න අකමැතිනම් ඉන්න රටවලම ඉන්න අරින්න , නැතිනම් අවරුදු කාලෙට කොටසක් කොහොම හරි ඔය කියන රටවල ඉඳල දේශපාලන දැන හැදුනුම් කම් මත අනිවාර්යයෙන් ඔය ඉඳල හිටලා එන විශේෂ ගුවන් යානා වල ආසන වෙන් කරගෙන මෙහෙ ඇවිත් ගෙදරදී නිරෝධනය වෙනවා කියල මාරු වෙනවා . එහෙම කරලා ඔවුන් ගෙදර ඉන්න එකක් නැහැ රට වටේම ඇවිදිවී , ඉදිරියට චන්දෙ තිබෙන නිසා සමහරවිට චන්ද ප්‍රචාරක කටයුතු , අවරුදු උත්සව වලට එහෙම සහභාගී වේවි ,ඊට පස්සේ අයෙමත් මුළු රටම වහල මේ කටයුතු මුල ඉඳලම පටන්ගන්න වේවි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 970 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site