ලන්ඩන් නුවර සිට මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීම සැලකිල්ලට ගනිමින් තමන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර මහතා පවසයි.
'මම ස්වයං නිරෝධායනයට යොමුවුණා. මට කිසිම අසනීපයක් හෝ රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් රජයේ උපදෙස් පිළිපදිමින් මම නිරෝධායනයට යොමුවෙන්න තීරණය කළා' යැයි ඔහු අදහස් දැක්වීය.
සංගක්කාර මහතා සතියකට පෙර ලන්ඩන් නුවර සිට ලංකාවට පැමිණ සිටියේය. විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් ස්වයං නිරෝධායනයට යොමු විය යුතු බවට රජය කළ දැනුම්දීම සැලකිල්ලට ගනිමින් ඔහු පොලිසියේ ඒ බවට ලියාපදිංචි වී මේ වනවිට නිරෝධායනයට වෙමින් සිටී.
සමාජ මාධ්‍යයන්හි අදහස් දක්වමින් සංගක්කාර මහතා සඳහන් කළේ, රජය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ හමුදාව ගෙන යන මෙම වැඩපිළිවෙළට දායක වන ලෙස ජනයාගෙන් සහය අපේක්ෂා කරන බවයි.
16844
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංගක්කාර ස්වයං-නිරෝධායනයට
sunil Sunday, 22 March 2020 10:59 AM
ව්රු කව්රුත් තදියමක් වෙනකොට "බුදු අම්මෝ" කියාගෙන දුවගෙන එන්නේ ලංකාවටම තමා......
gamaraala Sunday, 22 March 2020 11:17 AM
අනේ මෙයාගෙත් ෂෝ !!!, මුලදී හිතුවේ පොරක් කියල, පස්සේ තේරුණා ෂෝ තියෙන්නේ කියල.