IMG-LOGO

’අත්‍යවශ්‍ය භාණ්ඩ රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් ලබා දෙනවා’

(එස්. ඩි.කොඩිකාර )
 
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල  රජයේ පාලන මිලටත්  වඩා අඩුවෙන් ප්‍රාදේශීය, කෝප්සිටි සහ  තොග ගබඩා 45 කින් ජනතාවට ලබාගත හැකි බව කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති මනෝජ් ජයවර්ධන මහතා අද (22) පැවති සාකච්ඡාවකදී පැවසීය.


කොටපොළ ,වරල්ල විවිධ සේවා සමුපකාර සමිති පරිශ්‍රයේ  පැවති මෙම සාකච්ඡාව සඳහා කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා ඇතුළු  සමූපාකාර සමිතියේ නියෝජිතවරු කිහිපදෙනෙක් එක්ව සිටියහ. 
 
එහිදී සභාපතිවරයා මෙසේද කීය.

'හෙට පෙ.ව. 6.30 ට කොටපොල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පාලනය වන ප්‍රාදේශීය, කෝප්සිටි සහ තොග ගබඩා 45 ක් විවෘත කරනවා. මේ සඳහා අපි  එදින පෙ.ව. 5.00 ට  එම කටයුත්ත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම අත්‍යඅවශ්‍ය භාණ්ඩ  සහ  අනෙකුත් භාණ්ඩ ලොරි රථ 08 න්  අදාළ ප්‍රාදේශීය සහ තොග ගබඩා කරා ප්‍රවාහනය කරනවා.

විශේෂයෙන්ම අපි  ඉන්න කාර්ය මණ්ඩලය වැඩි කරගෙන මෙම කටයුත්ත සිදුකිරීමට  බලාපොරොත්තු වෙන අතර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාල ප්‍රාදේශීකයන් වෙත පවුල් පිටින් නොගොස්   එක් අයකු පමණක් ගොස්  භාණ්ඩ රැගෙන එන ලෙසයි. ප්‍රාදේශික  ආවරණය නොවන ප්‍රදේශ සඳහා  ජංගම රථ යොදා ගෙන බඩු අලෙවි කිරීමට බලාපොරොත්තු වනවා.  එසේ කරන්නේ, ජනතාව ඇඳිරි නීතිය ඉවත්  කිරීමෙන් පසු  නගරය කරා ඒකරාශී වීම වැළැක්වීම සඳහායි' යැයිද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
 
ඊට  අමතරව  ජනතාව රස්තියාදු නොකිරීම සඳහා රුපියල් 1000ක සහන පැකේජ භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතුකරන බවත්  සමිතියේ සාමාජිකයින් සඳහා රුපියල් 5,000 ක ණය මුදලක් ලබාදීම සඳහා බැංකු අංශය සමග සාකච්ඡා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

’අත්‍යවශ්‍ය භාණ්ඩ රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් ලබා දෙනවා’

Nandalal DE SILVA - France Sunday, 22 March 2020 11:51 AM

රජයේ මිලට වඩා අඩුමිලකට මේ ආයතන මගින් මහජනයාට භාණ්ඩ මිලදීගැනීමට අවස්ථාව ලබාදීම මේ දුෂ්කර මොහොතේදී සිදුකිරීම අගය කලයුතු වෙනවා ! රජයට කරන්න බැරිදෙයක් පුද්ගලික අංශයට කරන්න පුළුවන් වුනේ කොහොමද? රජයට මෙවැනි සහනයක්වත් මහජනයාට ලබාදීමට ඕනෑකමක් නැතිබව මින් පෙනී යනවා නොවේද ?

:       1       13

කපුටා Sunday, 22 March 2020 12:45 PM

සෑම වෙළඳ ආයතනයක්ම රුපියල් 1000, 2000 බඩු මලු පිළියෙල කරානම් ජනතාවට ඉක්මන් සේවාවක් ලබා දිය හැකියි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 969 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site