(විනීතා එම්. ගමගේ)
ඇඳිරි නීතිය ඉවත් කළ පසුව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳපොළ වෙත පැමිණෙන්නේ නම් එක් නිවසකින් එක් අයෙක් පමණක් පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනතාව ඒකරාශී වුවහොත් පවතින කොරෝනා වයිරසය පැතිර යාමේ තර්ජනය දෙගුණ තෙගුණ විය හැකි බැවින් මෙම ඉල්ලීම කරන බවශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.
පෝලිමක සිටිය දී දෙදෙනෙකු අතර පරතරය මීටරයක් සිටින සේ සිටින ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම වෙළඳසැල් හිමියන්ටද ප්‍රධාන වගකීම් කිහිපයක් ඇතිබවපෙන්වා දුන් උපුල් රෝහණ මහතා වෙළඳ සල් තුළට එක් අයෙක් පමණක් ඇතුළු කර ගැනීමටත් ඔහු පිටතට පැමිණි පසු තවත් අයෙක් ඇතුළට ගැනීමටත් වෙළඳසැල් හිමියන් වග බලා ගතයුතු බවද දන්වා සිටියේය.
වෙළඳසල් අසල අත් සේදිමට අවශ්‍ය පහසුකම් සකසා තබන ලෙස ද දන්වා සිටි සභාපතිවරයා දිගු පොලිම් ඇත්නම් පරතරයක් සිටින සේ තබන ලෙස ද උපදෙස් දුන්නේය.
මේවා පිළිපදින්නේ දැයි බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තර නිරීක්ෂණයේ යෙදෙනු ඇතැයි ද එසේ පිළිනොපදින වෙළඳුන්ට එරෙහිව නීතිය ක්රියාවේ යොවන බවද ඔහු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕඩර් ටික අද අරන් බඩු ලෑස්ති කරන්න ගත්ත නං පෝලිමක් නෑ. මොනා කරන්නද අපිට එහෙම හිතෙන්නේ නැනේ.
ඉතාමත් සුදුසු දෙය තමයි මෙය. අපි සිය පවුල් පිටින් ජීවත් වන්නේ ඉතාලියේ. අපේ මව් රටට අපි හරිම ආදරෙයි. මෙහේත් හැම සුපර් මාකට් එකකටම වාගේ ඇතුල් වෙන්න දෙන්නේ පවුලේ එක අයකුටයි. මාගේ මව් රටේ ආදරනීය වැසියන් මෙම හැම දෙයකටම සහයෝගය දුන්නොත් ඉතා ඉක්මනින්ම මෙම වෛරසය නැති කරගැනීමට පුලුවන්. අපිත් මේ රටෙන් පනවන නීතීරීති අනුගමනය කරනවා. මගේ ලක්වැසි සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි.
ඉසුරින් පිරි අලුත් මවක් සොයා ගොස් ඇති ඔබසැමටත් සම්මා සම්බුදු සරණ වේවා !
ඇඳිරි නීති ලිහිල් කරපු අවස්ථාවක භාණ්ඩ මිලදී ගැනීමට සුපිරි වෙළදසැල්වලට යාම මේ අවස්ථාවේ හිතකර කටයුත්තක් නොවේ. බාහිර වාතාශ්‍රය අවහිර කර වායු සමනය කර ඇති මෙම සුපිරි වෙළඳසැල් තුළ වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය . එමෙන්ම මෙහි පැමිණෙන පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා භාණ්ඩයට අමතරව අනිකුත් භාණ්ඩ ද අතපත ගෑම සිදු කිරීම මඟින්ද රෝගය පැතිරීමට අවකාශය ඇත . එ බැවින් තම නිවසට ආසන්නයේම ඇති කුඩා වෙළඳසැලට ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් මුදලාලි මහතා ගෙන් ලබා ගෙන කඩිනමින් නිවසට පැමිණීමයි .