ජනපති අපේක්ෂක සජිත්ට මාධ්‍ය ප්‍රකාශකවරු තිදෙනෙක්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර යන මහත්වරුන් පත් කර තිබේ.