සුමතිපාල දීයගහගේ
කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබා දුන් බව තවලම ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුල විජේසේකර මහතා පවසයි.
ආදායම් ලැබීම අතින් තවලම ප්‍රාදේශීය සභාව දුර්වල මට්ටමක ඇති නිසා ආණ්ඩුකාරවරයා විසින් මෙම මුදල් පරිත්‍යාගය කර
තිබේ.
මෙම මුදල් යොදවා තවලම, ඕපාත, වීරපාන, තලංගල්ල, හල්විටිගල යන හන්දි සහ හිනිදුම නගරයේ මාර්ග විෂබීජහරණය කිරිමට කටයුතු යොදා ඇතැයිද වීජේසේකර
මහතා කීය.
මීට අමතරව හිනිදුම රෝහල පිරිසිදු කිරිම, හිනිදුම පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු තවත් පොදු ස්ථාන විෂබීජහරණය කිරිමටද එම ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.
මේ අතර තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ග්‍රාම නිලධාරිවරුන්ගේ නිර්දේශය මත වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් නොමිලේ ලබා දෙන බවද බන්දුල විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කළේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
තවලම ප්‍රාදේශීය සභාවට ආණ්ඩුකාරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක්