කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත.
ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෘදුකාංග මාදිලි සඳහා මෙන්ම වෙබ් අතුරුමුහුණතින් ද එය නිකුත් කෙරේ.
වයිරසය පිළිබඳ හදිසි දැනුම්දීම්, ප්‍රවෘත්ති, උපදෙස් සහ වෙනත් යාවත්කාලීන තොරතුරු මෙම මෘදුකාංගයෙන් ලබාදෙනු ලැබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් සිය නිල වෙබ් අවඩිය මගින් සහ වට්ස් ඇප් මාර්ගයෙන් වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකරයි.
කෙසේ වෙතත් වෛරසය පිළිබඳ වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීම පමණක් මෙම නව මෘදුකාංගයෙන් සිදු නොවන අතර වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්නව සිටීමට මහජනතාව පෙළඹවීම ද මෙමඟින් සිදු කරනු ලැබේ.
මෙහි මූලික සංස්කරණයක් ලබන 30 වැනිදා නිකුත් කිරීමට නියමිතය.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)
226
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොරෝනා ගැන දැනගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෘදුකාංගයක්
ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 08:57 AM
මේ කොරෝනා අවස්ථාවේ වෛද්‍යවරුන් වීරයන් කිරීමට යාමෙන් වලකින්න. ඒ ඔවුන්ගේ රාජකාරියයි. සයිටම් එක වසා දැමීමෙන් මේ කොරෝනා වසංගතය මෙපමණ ව්‍යාප්ත කරගත්තේ ඔවුන් විසින්මයි. මේ තත්වයට වෛද්‍යවරුන් වගකිවයුතුයි.