කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත.
ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෘදුකාංග මාදිලි සඳහා මෙන්ම වෙබ් අතුරුමුහුණතින් ද එය නිකුත් කෙරේ.

වයිරසය පිළිබඳ හදිසි දැනුම්දීම්, ප්‍රවෘත්ති, උපදෙස් සහ වෙනත් යාවත්කාලීන තොරතුරු මෙම මෘදුකාංගයෙන් ලබාදෙනු ලැබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් සිය නිල වෙබ් අවඩිය මගින් සහ වට්ස් ඇප් මාර්ගයෙන් වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකරයි.
කෙසේ වෙතත් වෛරසය පිළිබඳ වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීම පමණක් මෙම නව මෘදුකාංගයෙන් සිදු නොවන අතර වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්නව සිටීමට මහජනතාව පෙළඹවීම ද මෙමඟින් සිදු කරනු ලැබේ.
මෙහි මූලික සංස්කරණයක් ලබන 30 වැනිදා නිකුත් කිරීමට නියමිතය.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)
226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොරෝනා අවස්ථාවේ වෛද්‍යවරුන් වීරයන් කිරීමට යාමෙන් වලකින්න. ඒ ඔවුන්ගේ රාජකාරියයි. සයිටම් එක වසා දැමීමෙන් මේ කොරෝනා වසංගතය මෙපමණ ව්‍යාප්ත කරගත්තේ ඔවුන් විසින්මයි. මේ තත්වයට වෛද්‍යවරුන් වගකිවයුතුයි.