IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සෞඛ්‍ය ඇමැති - යුද හමුදාපති ඉරණවිල යති

හිරාන් ප්‍රියංකර ජයසිංහ

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට නියමිත ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ මධ්‍යස්ථානය සෞඛ්‍ය ඇමැති , යුද හමුදාපති , හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිස නිරීක්ෂණය කළහ.

මේ වන විට අතහැර දමා ඇති අක්කර 400 ක වපසරියකින් සමන්විත ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ගොඩනැගිලි පද්ධතියකින් සමන්විත වෙයි .

අදාල ස්ථානය නිරික්ෂණය කිරිමෙන් පසු සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේය.

“ඉරියෙදී මෙම ස්ථානය අපි නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමට කටයුතු ආරම්භ කර තිබෙනවා . යුද හමුදාව මෙහි ඉදිකිරිම් හා අනිකුත් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම ස්ථානය තුළ කොරෝනා ආසාදිතයින් වෙන වෙනම 50 කට පමණ ප්‍රථිකාර කිරිමටයි අපි සුදානම් වන්නේ .ඒ නිසා අද නිරික්ෂණ කටයුතු වලදි මතුවු අඩු පාඩුත් සකසමින් අපි ඉදිරියෙදි මේ සම්බන්ධව කටයුතු කරන්න සුදානම් යැයි පැවසිය .

මෙම අවස්ථාවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ , පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනන්දු හා වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.

ඒ සමගම පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රිවරුන් වන ප්‍රියංකර ජයරත්න , අරුන්දික ප්‍රනාන්දු , සනත් නිශාන්ත , ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.



අදහස් (3)

සෞඛ්‍ය ඇමැති - යුද හමුදාපති ඉරණවිල යති

wije Friday, 27 March 2020 07:39 AM

කඩොලාන මොකද මෙතන කරන්‌‌නේ ?

:       0       0

dilan Friday, 27 March 2020 07:57 AM

ඔන්න ඕක තමයි අපි පතපු වෙනස, සම්පත් සැබෑ කළමනාකරණය.

:       2       82

Rasika chaminda Friday, 27 March 2020 09:02 AM

ප්‍රියංකර ජයරත්න , අරුන්දික ප්‍රනාන්දු , සනත් නිශාන්ත, පුත්තලම?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 159 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 84 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site