IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවක පිරිස් නිවෙස්වලට යවති

(ටී.කේ.ජී.කපිල)

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරන , එහෙත් මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් , ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කෙරිණි.

ඒ සදහා සහභාගී වී තම නිවෙස් කරා යෑමට 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටියහ.

කටුනායක පොලීසිය ඊයේ (26) රාත්‍රී ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කළේය.

එයට ප්‍රතිචාර වශයෙන් මෙසේ දැවැන්ත ජනතාවක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණ සිටියහ .

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , කටුනායක පොලීසිය , ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , කර්මාන්තශාලා හිමිකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර තිබිණි.

මෙම සේවක පිරිස් කටුනායක අපනයන සැකසුම් කළාප ප්‍රධාන ගේට්ටුව අසළට පැමිණීමෙන් පසු , ඔවුන් තම නිවෙස් කරා රැගෙන යන තෙක් සියලු කාර්යයන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත බාර වී තිබේ.

ඒ අනුව මෙසේ කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් මුලින්ම කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතුය .

අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කරයි .
එයින් සමත් වන පිරිස් , ඔවුන්ගේ පදිංචිය අනුව , සූදානම් කර ඇති බස් රථ වෙත ඇතුළු කිරීම සිදු කරයි .

මෙම බස් රථ පළාත් අනුව නම් කර ඇති අතර , මෙම බස් ඉදිරිපසින් සහ පසුපසින් ශ්‍රී ලංකා යුද හමුදා පෙර සහ පසු ගමන්රථ ගමන් කිරීමට නියමිතය .

මෙසේ බස් රථ මගින් රැගෙන යන සේවක පිරිස් , ඔවුන් අයත් වන පොලීසිය වෙත භාර දීමට නියමිතය.

පසුව එම පොලීසිය විසින් මෙම සේවකයින් තමන් පදිංචි නිවෙස් වෙත යොමු කිරීමට නියමිතය .

මෙම සේවක පිරිස ප්‍රවාහනය ඇතුළු සියලු කාර්යයන් බාරව කටයුතු කිරීම සදහා ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ මහතා සමග යුද හමුදා අනු ඛණ්ඩනයක් ද  කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණ තිබුණි .


(ඡායාරූප -  ටී.එම්. ජී. කපිල)

(ඡායාරූප - දීපා අධිකාරී)

 



අදහස් (0)

කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවක පිරිස් නිවෙස්වලට යවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 163 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 85 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 454 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site