IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ස්විස්ටර්ලන්තයේ සිටි ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

( තිළිණි ද සිල්වා )

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය අද (27) පැවසුවාය.

මෙලෙස මිය ගොස් ඇත්තේ පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිට එරටට පැමිණි ලාංකික පිරිමි පුද්ගලයෙකි.

එම පුද්ගලයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් යැයිද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.

ඔහු මිය යන විට ස්විට්සර්ලන්තයේ  සෙන් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකු යැයිද අමාත්‍යාංශය ප්‍රකාශිකාව කීවාය.

මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ජර්මනියේ බර්ලින් නුවර පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිය බව ස්විස් සෞඛ්‍ය බලධාරීන් ඊයේ (26) දැනුම් දුන් බව විදේශ සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .

මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයිද ස්විස් බලධාරීන් එහිදී දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය .
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.



අදහස් (1)

ස්විස්ටර්ලන්තයේ සිටි ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

නෙවිල් Friday, 27 March 2020 04:38 AM

නිශාන්ත ද සිල්වා නොවෙයිනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 159 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 84 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site