කොස්තාපල්ට පිහියෙන් ඇන සැකකරු පලා යයි රාජගිරිය ඔබේසේකරපුර සර්වෝදය මාවතේ නිවසක මත්කුඩු පානය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල්වරයාගේ අත තියුණු ආයුධයකින් ඇන තුවාල කර සැකකරු පලා ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි. 29 May 2019
රටවල් 4 ක් ලංකාවේ සංචාරයට පනවා තිබූ සීමා ලිහිල් කරයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් හතරක් විසින් එම රටවල් වල පුරවැසියන්ට පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. 29 May 2019
‘ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළ අය දැන් ආණ්ඩුවට චෝදනා කරනවා‘ රාජපක්ෂ පාලන සමයේදී නිය පොත්තෙන් කඩා දැමීමට තිබූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය වත්මන් රජයට පොරවෙන් කපා දැමීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කොළඹදී පැවැසීය. 29 May 2019
ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් ඉල්ලයි තමන්ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ( 29) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. 29 May 2019
බැඳුම්කර නඩුව කල් යයි ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන ඇතුලූ අධ්යක්ෂ මණ්ඩලය සම්බන්ධ නඩුව ලබන ජුනි මස 28 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (29) නියෝග කළාය. 29 May 2019
බස් සංගම් වර්ජනයකට සැරසෙති බස් සංගම් රැසක් ලබන ජූනි 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පැවසීය. 29 May 2019
කැකිරාවේ තව්හීත් ජමාත් පල්ලියක් ප්‍රධාන පල්ලියේ මැදිහත්වීමෙන් කඩා දමයි කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හීත් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද(29) ක්‍රියා කළහ. 29 May 2019
සුළු ජාතීන්ට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා මඬින්න සම්බන්ධන් ජාත්‍යන්තර සහාය ඉල්ලයි සුළු ජාතීන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියාවන් වැළක්වීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් සිදුකළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ශ්‍රීලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි මහතා හමුවී ඉල්ලීමක් කර තිබේ. 29 May 2019
අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ් මහසොන් බළකායේ නායක අමිත් වීරසිංහ ලබන 4 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය. 29 May 2019
මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ අත්අඩංගුවට මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ නිවසේ තිබී බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 93 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසය කියයි. 29 May 2019
කොස්තාපල්වරියට තුවාල කළ නීතිඥවරියට ඇප අධිකරණ භූමියට ඇතුළු වන ස්ථානයේ දී පරීක්ෂාවට ලක් කිරීමේ දී පොලිස් නිලධාරිනියකට බාධා කර සුළු තුවාල සිදු කළැයි කියන නීතිඥවරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය. 29 May 2019
දෙමළ ජනයා වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කළ යුතු බව සම්බන්ධන් කියයි උතුරේ ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම ඇතුළු දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදුන් පොරොන්දු රජය විසින් එලෙසම ඉටුකළ යුතු බවත් තවදුරටත් දෙමළ ජනතාව නොරවටන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා සඳහන් කරයි. 29 May 2019
කොස්තාපල්වරියගේ අත තුවාල කළැයි නීතිඥවරියක් අත්අඩංගුවට කොළඹ මහාධිකරණ සංකීර්ණ භූමියේ ප්‍රධාන දොරටුවේ සේවයෙහි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කරමින්, ඇගේ අත සූරා තුවාල කළ බව කියන නීතිඥවරියක කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 29 May 2019
වසන්ත සේනානායකට රාජ්‍ය ඇමති ධූරයක් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) දිවුරුම් දුන්නේය. 29 May 2019
මිනුවන්ගොඩ සිද්ධියේ 15 කට ඇප - 4 ක් නිදහස් මිනුවන්ගොඩ ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 15 දෙනෙකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමදිවාකර මහතා අද (29) නියෝග කළේය. 29 May 2019
සුමංගල ඩයස් ගුවන් හමුදාපති තනතුරට නව ගුවන් හමුදාපති ලෙස මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබේ. 29 May 2019
වෛද්‍ය පරිපාලකයින්ට අමාත්‍යාංශ ලේකම්ගේ අවසරයකින් තොරව ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම තහනම් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට කරුණු දැක්වීම හෝ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම අද (28) සිට තහනම් කර තිබේ. 28 May 2019
මහින්දට වෙඩි නොවදින රථයක් ගන්න අනුමැතිය ඉල්ලා කැබිනට් යෝජනාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් මණ්ඩලයට අද (28) යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ. 28 May 2019
සහරාන් අත්අඩංගුවට ගන්න 2018 දී වරෙන්තුවක් අරන් පාස්කු දින ප්‍රහාරයේ මහා මොළකරු වන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස 2 වන දින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් විවෘත වරෙන්තුවක් ගෙන තිබූ බව ආරක්ෂක අංශ රජයට බාරදුන් වාර්තාවක සඳහන් වේ. 28 May 2019
කැබිනට් රැස්වීමේදී මලික් - සාගල ගැටෙති අයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස යකඩ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා වරාය අධිකාරිය සතු ත්‍රිකුණාමල වරායෙ ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඇමැති මලික් සමරවික්‍රම මහතා කර ඇති ඉල්ලීමක් වරාය ඇමැති සාගල රත්නායක මහතා විසින් අද (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 28 May 2019
සංගීත කණ්ඩායම්වල නියෝජිතයෝ මුදල් ඇමැති හමුවෙති දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල නියෝජිතවරු පිරිසක් අද (28) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී සිය වෘත්තියට අත්ව ඇති පරිහානිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ. 28 May 2019
‘‘ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සමස්ථ ජාතියම නැගී සිටිය යුතුයි‘‘ වාද භේද පසෙක ලා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සමස්ත ජාතියම අවදිව තමන්ට කළ හැකි කාර්යය රට වෙනුවෙන් ඉටුකළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ. 28 May 2019
පොලිසිය පොලිසිය ගැනම හොයයි පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව විවිධ ප්‍රදේශයන්හි කඩාකප්පල් කාරී ක්‍රියාවන් සිදු වීම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් අද (28) පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 28 May 2019
පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් අයෙක් රිමාන්ඩ් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 14කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ පෞද්ගලික රෝහලක සේවකයකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය. ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බූස්ස, රත්ගම පදිංචි කොත්ති චතුරංග කුමාර නැමැත්තාය. 28 May 2019
‘පොහොට්ටුව සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට සූදානම් වෙනවා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා කඩිනමින් අවසන් කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමට රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරුණු බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 28 May 2019
සෞඛ්‍ය ඇමැතිගේ කමිටුවට සාක්කි දීම ප්‍රතික්ෂේප කරයි ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයම තීරණය කර ඇත. 28 May 2019
වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් කුරුණෑගලට පැමිණිලි 56 ක් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (28) දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලට කාන්තාවන්ගෙන් පැමිණිලි 56 ක් ලැබී තිබූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රකාශයෙක් පැවසීය. 28 May 2019
‘වන්ධ්‍යකරණය ගැන එදා ඉඳන් අපි කිව්වා පියවරක් ගත්තේ නෑ’ වන්ධ්‍යකරණය ගැන අපි කතා කළේ 2012 සිට කතා කළත් එදා පටන් සිටි කිසිම ආණ්ඩුවක් කිසිම පියවරක් ගත්තේ නැතුව දැන් එක වෛද්‍යවරයෙක් අල්ලගෙන මරාගෙන කන්න හදනවා යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (28) පැවසූහ. 28 May 2019
කොළඹ නාගරික කොමසාරිස්ට හදිසි මාරුවක් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයට පත් කර තිබේ. 28 May 2019
අන්තවාදී අධ්‍යාපන ආයතන පාලනයට නව නීති ගේනවා අන්තවාදී උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන පාලනයටත්, නීතිවිරෝධී විවාහ වැළැක්වීම සඳහාත් නීති ගෙන ඒමට පාර්ලිමේන්තුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතා අද (28) පැවැසීය. 28 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026