අනතුරකින් සිරම්බිඅඩියේ දී 3 ක් මරුට පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩිය විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ දී අද(24) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 24 October 2019
සුදුවැල්ලේ ලැඟුම්හළක සිටි 13 ක් අත්අඩංගුවට සැකසහිත ලෙස හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි . 24 October 2019
පාස්කු ප්‍රහාරයේ වගකීම රාජ්‍ය බුද්ධි ලොක්කන් කරපිටට පාස්කු ඉරුදින ප්‍රහාරයේ මූලික වගකීම රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානීන් බාරගත යුතු බව එම ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන් වෙයි. 24 October 2019
කටුනායකට ආ යානයක් මත්තලට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත කාළගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ. 24 October 2019
කොස්තාපල්වරියන්ට දුරකතනයෙන් අයුතු යෝජනා කළ අයෙක් අත්අඩංගුවට මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ නේවාසිකව සිටින කොස්තාපල්වරියන්ට රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් අයුතු යෝජනා කළ බව කියන පුද්ගලයෙකු අද (23) මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 October 2019
'මීනගයා' පීලි ගතකිරීමේ අදත් අවුකන ප්‍රදේශයේදී ඉකුත් 21 වැනිදා රාත්‍රීයේ පීලි පැනීමට ලක් වූ මීනගයා දුම්රියේ මැදිරි හා එන්ජිම පීලිගතකිරීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකව පවතින අතර අද (23) පස්වරුවේ එම ප්‍රදේශයට පැවැති වැසි තත්ත්වය ඊට තරමක් බාධාවක්ව තිබිණ. 23 October 2019
පොලිස් අධිකාරිවරු 150 කට නිල රථ නෑ සහකාර පොලිස් අධිකාරිවරුන් වශයෙන් උසස් කරන ලද නිලධාරීන් 150 ට අධික පිරිසකට සිය නිලයට හිමිවන නිල රථ ලබා දී නොමැති බව පොලිස් ආරංචි මාර්ග කියයි. 23 October 2019
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියට තර්ජන මැතිවරණ කොමිසමේ නිර්දේශ මත ක්‍රියාකිරීම නිසා කිසියම් පිරිසක් විසින් නුගේගොඩ අනුලා විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි චන්ද්‍රානි අමරසිංහ මහත්මියට තර්ජනය කරනු ලැබ ඇතැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පැමිණිලි කර ඇත. 23 October 2019
ජනමාධ්‍යට මැතිවරණ කොමිසමෙන් ලේබල් මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් ජනාධිපති අපේක්ෂකයන්ට පක්ෂග්රාහීව කටයුතු කරන ජනමාධ්‍ය ආයතනවල පක්ෂග්‍රාහීත්වය ලේබල් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇතැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 23 October 2019
'ජාතික ආරක්ෂාවට අලුත් නීති ගෙනඒම ගැන ගෝඨාභය විරුද්ධ ඇයි' ත්‍රස්තවාදය වළක්වා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ වීම ගැන ඔහු රට හමුවේ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිරිබත්ගොඩදී අද (23) පැවැසීය. 23 October 2019
කෝප් කමිටුවට තිලංග පත් කිරීම සදාචාර විරෝධියි ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එහි සමාජිකයෙකු ලෙස තිලංග සුමතිපාල මහතා පත් කිරීම සදාචාර විරෝධි ක්‍රියාවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 October 2019
‘‘මත්තල වී ගබඩා කරන්න මා උපදෙස් දුන්නේ නෑ‘‘ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා කිරීමේ අංගණයක වී ගබඩා කිරීමට තමා කිසිදු උපදෙසක් නොදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (23) කියා සිටියේය. 23 October 2019
රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ-නීතීපති පසුගිය ජනාධිපතිවරණ සමයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250 කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් සහ තවත් කිහිපදෙනෙකු භාරයට පත් කිරීමේ සිද්ධිය අපරාධමය වරදක් නොවන බවට නීතිපතිවරයා දුන් උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (23) එම නඩුව අවසන් කළේය. 23 October 2019
ජනාධිපතිවරණයේදී සහාය ලබාදීම ගැන ටීඑන්ඒ තීරණය කල්යයි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) වැනිදා තීරණය කර තිබේ. 23 October 2019
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමේ ජනපති කොමිෂන් සභාවට අතිරේක බලතල පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා අතිරේක බලතල ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. 23 October 2019
හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ක්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේය. 23 October 2019
ශ්‍රීලනිප ඉතිහාසයට සෝමාරාමලා දෙන්නෙක් බර වැඩියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රකා මැතිනිය පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය හා යහන්ගත කිරීමට සූදානම් වන බවත් ශ්‍රීලනිප ඉතිහාසයේ සෝමාරාමලා දෙදෙනකු බර වැඩි බව ඇයට අමතක වී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 23 October 2019
ජොන්ස්ටන්ගේ පෙත්සමත් නොවැ 27 දාට තමන්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව ඉවත දැමීමට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු වෙළඳ අමාත්‍ය හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම නොවැම්බර් 27 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (23) නියම කළේය. 23 October 2019
සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් වසන්ත සේනානායක ඉවත්වෙයි එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (23) ප්‍රකාශ කළේය. 23 October 2019
ලන්ඩන් නුවරට ආ කන්ටේනරයක මළ සිරුරු 39ක් බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර බලා ධාවනය වූ කන්ටේනර් රථයක තිබී මළ සිරුරු 39ක් හමු වී ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය කියයි. 23 October 2019
තාජුඩීන් ඝාතන නඩුව නොවැ. 7 තෙක් කල්යයි රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්වයෙන් පසුවීම හේතූවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය. 23 October 2019
ස්විස් සරණාගත කාර්යාලය අසළ අයෙක් ගිනි තබාගනී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනි තබාගෙන ඇතැයි වාර්තා වේ. 23 October 2019
තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කරයි ‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘ යන මැයෙන් 2019.10.10 දිනැති ලංකාදීප අන්තර්ජාලයේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ හා සැපයුම් දාමය) මහේන්ද්‍ර කුමාර ගරුසිංහ මහතා කරුණු පැහැදිලි කර සිටී. 23 October 2019
අගමැති ජනපති කොමිසමෙන් පිටව යයි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව පැය එකහමාරකට ආසන්න කාලයක් දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කොමිසමෙන් පිටව ගියේය. 23 October 2019
හම්බන්තොට හිටපු නගරාධිපතිට ඇප හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග කළේය. 23 October 2019
රාජකාරී වේලාවේ මැතිවරණ වැඩ කළ ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක් හොරොව්පොතාන පත්තෑව මුස්ලිම් විදුහලේ ගුරුවරයකු පාසල් කාලය තුළදී මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදෙමින් මැතිවරණ නීති උල්ලංඝණය කරන බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී ඒ.ආර්.අබ්දූල් හුසෙන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ. 23 October 2019
බාලවයස්කාර දැරියට අතවර කළ දෙදෙනෙක් අත්අඩංගුවට දහසය හැවිරිදි බාලවයස්කාර දැරියක වසර තුනත් තිස්සේ අපයෝජනය කළ රෝද පුටුවක සිටින ආබාධිත පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි. 23 October 2019
පූජිත් - හේමසිරි තවදුරටත් රිමාන්ඩ් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ලබන 6 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේණ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝග කළේය. 23 October 2019
කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 23 October 2019
පුද්ගල ඝාතනයකට 10ක් අත්අඩංගුවට පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද(23) ප්‍රධාන සැකකරු ඇතුළු දසදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 23 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026