ඕස්ට්‍රේලියානු දොරටුවේ අගුල තදවෙයි නීතිවිරෝධී ලෙස බෝට්ටුවලින් ඕස්ටේ්රලියාවට ගමන් කරන සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් පවතින දේශසීමා ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නොමැති බවත් එලෙස පැමිණීමට උත්සාහ කරන්නන්ට ඕස්ටේ්රලියාව තුළ කිසිඳු ඉඩක් නැතැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (04) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 04 June 2019
විනිසුරු ජනක් ද සිල්වා පාදෙණියගේ පෙත්සම් විභාගයෙන් ඉවත්වෙයි මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (4) ඉවත්විණි. 04 June 2019
පොලිස්පති -ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම අනිද්දා කැඳවයි බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සහ අනෙකුත් සියලු පෙත්සම් අනිද්දා (6) සළකා බැලීමට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ අද (4) නියෝග කළේය. 04 June 2019
මංගලගේ ප්‍රකාශයට අගරදගුරු සංසදයේ විරෝධය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ සාම ක්‍රියාදාමයට පහර ගැසීම සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමතිවරයාට දැඩි විරෝධය දක්වන බව ‘කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 June 2019
ඉල්ලා අස්වුණැයි කී අය අදත් මුල් පෙළ අසුන්වල ඇමැති ධූරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව කී මුස්ලිම් නියෝජිතයන් අද (4) දිනයේත් අසුන් ගත්තේ ඔවුන් පෙර සිටි අසුන්වලමය. 04 June 2019
අන්තරේ විරෝධතා පාගමනක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළින් ඇරැඹිණි. 04 June 2019
බස්නාහිර ආණ්ඩුකාර පුටුව මුසම්මිල්ට බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 04 June 2019
හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ් අත්අඩංගුවට ගෙන සිටින ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු මුදාහරින ලෙස ඉල්ලමින් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු ලබන 11 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය. 04 June 2019
අමිත් වීරසිංහට ඇප මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (4) නියෝග කළාය. 04 June 2019
දියණිය අපයෝජනය කර පලාගිය පියෙකු සොයයි පහළොස් හැවිරිදි සිය දියණිය බරපතල අපයෝජනයකට ලක් කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රත්නපුර පොලීසිය කියයි. 04 June 2019
කැලණිය සරසවිය 6 වැනිදා විවෘත කෙරේ සිසුන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් වසා දැමුණු කැලණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හී අධ්‍යන කටයුතු ජූනි (06) සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත. 03 June 2019
මුස්ලිම් ඇමතිවරු තනතුරු අත්හරිති රජයේ අමාත්‍යධූර දැරූ රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු සියලු මුස්ලිම් නියෝජිතයින් එම ධූරයන්ගෙන් ඉවත්ව තිබේ. 03 June 2019
විද්‍යුත් හැඳුනුම්පතට ඇඟිලි සලකුණත් එයි මෙම වසර අවසන් වීමට පෙර නිකුත්වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. 03 June 2019
පළාත් සභා මැතිවරණය ගැන කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දෙයි අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් පළාත් සභා මැතිවරණය සීමා නිර්ණය කටයුතු නොතකා කඩිනමින් පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම අද (03) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 03 June 2019
‘මම ජාතියට ණය නැහැ’ තමන් ජාතියට ණය නැති බවත්, ආධ්‍යාත්මික අධිෂ්ඨානයක් ඇති තනි පුද්ගලයකුට සමාජයක් වෙනස් කළ හැකිය යන ආදර්ශය තමන් රටට ලබාදුන් බවත් දින හතරක උපවාසය අවසන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 03 June 2019
රතනහිමියෝ උපවාසය අත්හරිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින හතරක් පුරා උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කළහ. 03 June 2019
මුස්ලිම් මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය ගැන පාර්ලිමේන්තුවේ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපලන ආරංචි මාර්ග කියයි. 03 June 2019
රනිල් - මහින්ද සාකච්ඡාවේ රජයේ ස්ථාවරය ගැන විශේෂ ප්‍රකාශයක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතාවට සහන ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ රජය සමඟ විපකෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩායම පැවැත්වූ සාකච්ඡාව ගැන රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට රජය තීරණය කර තිබේ. 03 June 2019
පෞද්ගලික බස් මැදියම් රෑ සිට ධාවනයෙන් ඉවතට දැනට උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහය පළකරමින් රටපුරා සියලු පෞද්ගලික බස්රථ අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය. 03 June 2019
හිස්බුල්ලා-අසාත් සාලි ඉල්ලා අස්වෙති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ. 03 June 2019
ජනපතිට - අගමැතිට මහනාහිමිවරුන්ගෙන් ලිපියක් ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ සිට උපවාසයක නිරත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කරන ඉල්ලීම්වලට වහා විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලමින් මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහ නා හිමිවරුන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒකාබද්ධ ලිපියක් යොමුකර තිබේ. 03 June 2019
මහින්ද - රනිල් සාකච්ඡා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ රජය සමඟ විපකෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩයම සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථක වූ බව දෙපාර්ශවය විසින්ම ප්‍රකාශ කෙරිණි. 03 June 2019
රතනහිමිගේ උපවාසයට රට වටේම සහය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය දක්වමින් දිවයින පුරා ස්ථාන රැසක භික්ෂුන්වහන්සේලා, ගිහි පිරිස් උපවාස සහ විරෝධතා සඳහා එක්ව සිටිති. 03 June 2019
රතන හිමිගේ උපවාසයට තවත් හිමි නමක් එක්වෙති අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පළ කිරීමට පොළොන්නරුව ලංකාපුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රී බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස හිමියෝ අද (3) උපවාසයක් ඇරඹුහ. 03 June 2019
වෛද්‍යවරයකුගේ ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට කොටහේන බ්ලූමැන්ඩල් පටුමග නිවසකදී වයෝවෘද්ධ වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධව සැක පිට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 03 June 2019
රතන හිමියෝ සිව් වැනි දිනටත් උපවාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට අද (3) සිව්වැනි දිනටත් අඛණ්ඩව උපවාසයේ යෙදී සිටිති. 03 June 2019
සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් හොරොව්පොතානෙන් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන වෛද්‍ය සහතිකයක් නොමැතිව වෙනත් වෛද්‍යවරයකුගේ නම භාවිතා කරමින් හොරොව්පොතාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය කියයි. 03 June 2019
හිස්බුල්ලා වරදකරුවකු නොවේ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වරදකරුවෙකු නොවන හෙයින් එම තනතුරෙන් ඉවත් කිරීම අනවශ්‍ය බවත්, එතුමා ඉවත් කිරීමට තමන් වහන්සේ විරුද්ධ බවත් මොරවැව ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියෝ පැවසුහ. 02 June 2019
මහනුවර සියලුම වෙළඳ ව්‍යාපාර හෙට වසා තබයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා හෙට දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ ලේකම් වජිර කීර්ති මහතා පවසයි. 02 June 2019
වෛද්‍ය සාෆි ගැන විමර්ශනයේ අතුරු වාර්තාව හෙට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ මූලික වාර්තාව හෙට (3) සෞඛ්‍ය ලේකම්වරියට බාරදීමට නියමිතය. 02 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026