මරාගෙන මැරුණු ඊබ්‍රහිම් බහාලුම් සොරකමක සැකකරුවෙක් පාස්කු ඉරිදින ප්‍රහාරයේදී මරාගෙන මැරුණූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා රුපියල් ලක්ෂ 62ක ඇලුමිනියම්, පිත්තල සහ යකඩ ඇතුලූ කන්ටේනර් බහාලූමක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක ප්‍රධාන සැකකරු බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය. 06 June 2019
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියා යන්න ගිය පිරිසෙහි 29 දෙනා තවදුරටත් රිමාන්ඩ් බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පිරිමි සැකකරුවන් 29 දෙනා ලබන 20 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (06) නියෝග කළේය. 06 June 2019
රවීගේ දියණිය සීඅයිඩීයට එයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (6) අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණියාය. 06 June 2019
කහටගස්දිගිලිය පාසලකින් ඩෙටනේටර - සේවානූල් හමුවෙයි කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද(06) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවීම හේතුවෙන් පාසල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව විදුහල්පති අයි.එම්.මහින්ද මහතා පැවසීය. 06 June 2019
මුස්ලිම් ඇමැතිවරුන්ගේ අස්වීමට ත්‍රෛනිකායික සංවේගය රජයේ මුස්ලිම් ඇමැතිවරුන් සිය ධුරවලින් ඉවත්වීම සිදු නොවිය යුත්තක් වන අතර එම ඇමැතිවරුන්ට නැවත වගකීම් බාර ගන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඇතුළු එම නිකායික කාරක සංඝ සභා ඉල්ලා සිටින බව නියංගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු අනුනාහිමියෝ ඊයේ (05) මහනුවර දී ප්‍රකාශ කළහ. 06 June 2019
රාමළාන් අවසන් කළ මුස්ලිම්වරු අයි.එස් ට එරෙහිව පාරට බසිති රාමළාන් උපවාසය අවසන් කළ ආණමඩුව මුස්ලිම් ජාතිකයෝ පිරිසක් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී අයි.එස් ත්රස්තයන්ට එරෙහිව අද (05) විරෝධතාවයක නිරත වූහ. 05 June 2019
මංගලට මාතර විහාරස්ථානත් තහනම් කෙරෙයි ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකිරීම හේතුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාව මාතර දිස්ත්‍රික්කයේ කිසිඳු විහාරස්ථානයකට පැමිණීමට ඉඩ නොදීමටත් ඒ මහතා සහභාගීවන උත්සව වර්ජනය කිරීමටත් මාතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (05) තීරණය කළහ. 05 June 2019
මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තවම සාක්කුවේ කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. 05 June 2019
එජාපයට - පොහොට්ටුවට ජනපති සහය නෑ පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. 05 June 2019
ජා ඇළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට ජා ඇළ මහවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිනුවන්ගොඩ ‘‘කළු අජිත්‘‘ නැමැත්තා මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 05 June 2019
පාර්ලිමේන්තුවේ කොකේන් භාවිත කරන්නන් පිළිබඳ රංජන් කී කතාව ගැන පරීක්ෂණ පාර්ලිමේන්තුව තුළ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බව සදහන් කරමින් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 05 June 2019
දණ්ඩ නීති සංග්‍රහය-අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට යයි වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන ලෙස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. 05 June 2019
රාමළාන් ප්‍රධාන යාච්ඥාව ගාලු මුවදොරින් ඉවතට ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් රාමළාන් උත්සවය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රධාන යාච්ඥාව මෙවර නොපැවැත්විණි. 05 June 2019
පොසොන් පොහොය සුපුරුදු උත්සවාකාරයෙන් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 June 2019
රජය ලැජ්ජාවිය යුතු බව පාඨලී කියයි පුද්ගලයන් 34 දෙනෙකු ඝාතනය වී බිලියන ගණනක පාඩුවක් සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නායයාම සම්බන්ධයෙන් එක් අයකුටවත් දඬුවමක් ලබා දීමට නොහැකි වීම පිළිබඳ රජයක් ලෙස ලැජ්ජා විය යුතුව ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. 05 June 2019
රතන හිමියෝ රෝහලෙන් පිටව යති රතන හිමියන් සම්පූර්ණ සුවය ලබා ස්ව කැමැත්තෙන් අද (5) මහනුවර රෝහලෙන් පිටත්ව ගිය බව මහනුවර රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය. 05 June 2019
නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ෂාන් විජයලාල්ට නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය. 05 June 2019
ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු ඇමැති-අගමැති රනිල් අතර හමුවක් ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 05 June 2019
ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයක් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර කාඩිෆ්හිදී අද (04) පැවැති තරගය ලකුණු 34කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 04 June 2019
‘සහරාන් රටට ලොකු කරදරකාරයකු වන බව දැන සිටියා’ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා අනාගතයේදී මේ රටට ලොකු කරදරකාරයකු වන බව තමා මුල සිටම දැන සිටියේ යැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරන සභාව හමුවේ සාක්ෂි දෙමින් අද (4)පැවැසීය. 04 June 2019
හේමසිරි - පූජිත අනිද්දා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට පාස්කු ඉරුදින ප්‍රහාර පිළිබඳ කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අනිද්දා 06 පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත. 04 June 2019
මහින්දට වෙඩි නොවදින රථයක් දෙන්න ජනපති එකඟ නෑ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව පළවී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 June 2019
මංගලට - රාජිතට - චතුරට ගම්පහ විහාරස්ථාන තහනම් මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (04)තීරණය කළහ. 04 June 2019
අමාත්‍යධූර 2 ක් එජාපයට දෙන්න ජනපති එකඟතාව පළකරයි ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධූරයත්, නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරයත් එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 June 2019
මුස්ලිම් ඇමැතිවරු ඉවත්වීම භයානක තත්ත්වයක් ආණ්ඩුවේ සිටින මුස්ලිම් ඇමැතිවරුන් සියලු දෙනා ධූරවලින් ඉවත්වීම භයානක තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. 04 June 2019
රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්වයේ පවතින බවත් හෙට දිනයේදී රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය නිරීක්ෂණය කර රෝහලෙන් නිදහස් කිරීමට හැකි බවත් මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය. 04 June 2019
ඌවේ මහ ඇමැති රජයේ දේපළ අවභාවිත කරන බව ගුරු සංගම් කියයි සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර හා ණය දෙන සමිතියේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රජයේ දේපළ අවභාවිත කිරීමේ යෙදී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධානය අද (04) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. 04 June 2019
කුණාටු සඳහා යෙදීමට නම් ඉල්ලයි උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 04 June 2019
ජාතික ආරක්ෂාව සමගිය තහවුරු කරන්න ජවිපෙන් යෝජනාවලියක් ආගමික උමතු අන්තවාදයත් ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව හා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා වන විශේෂ යෝජනාවලියක් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (04) ජනතාව හමුවේ තබනු ලැබීය. 04 June 2019
බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමකගේ සහය පසුගිය පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන වෝහාරික පරීක්ෂණ කටයුතු වලට 20 දෙනෙකු ගෙන් යුතු ඕස්ටේ්රලියානු නිලධාරීන් කණ්ඩයමක් සහාය දක්වන බව ඕස්ටේ්රලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (4) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 04 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026