IMG-LOGO

කැකිරාවේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමයි

(කුෂාන් ජයවර්ධන)

පවතින අනාරක්ෂීත හා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අද (30 ) දිනයේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිරාව හා ගනේවල්පොල නගරවල ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තිරණය කර ඇති බව කැකිරාව පොලිසිය කියයි.
 
අකුරණ ප්‍රදේශයේදී කොරෝනා අසාධිතයකු හමුව ඇති බවත් කැකිරාව නගරයේ බොහෝ ව්‍යාපාරික ස්ථාන අකුරණ ප්‍රදේශයේ පදිංචි කරුවන් හා සෘජු සම්බන්ධතා ඇති අය විසින් පවත්වාගෙන යනු ලබන අතර බොහෝ වෙළදසැල්වල අකුරණ ප්‍රදේශයේ  සේවකයින් සේවය කිරීමත් සිදුවේ. ගනේවල්පොල නගරයේද මෙවැනි පසුබිමක් පැවැතින බව පොලිසිය පෙන්වා දෙයි. අද (30 )පෙරවරු 06.00 ට මෙම  තාවකාලිකව ඉවත්කිරීම සිදු කෙරිණි.

එම තත්ත්වය සමග කැකිරාව හා ගනේවල්පොල නගර ආශ්‍රිතව කොරෝනා වයිරසය පැතිරයාමේ දැඩි අවදානමක් පවතින හෙයින් ප්‍රදේශයේ ජනතාවගේ දැඩි ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පොලිසිය කියයි.

 කැකිරාව නගරයේ වෙළද සැල් මෙලෙස වසා දැමීමට තීරණය කළ ද කැකිරාව නගරයේ හා ගනේවල්පොල නගරයේ ඉන්ධනහල් ඔසුහල් හා බැංකු ද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා සමූපකාර සමිතිය ද සතොස ආයතනයද විවෘතව තැබෙන බව පොලිසිය කියයි.
 
 එසේම ඇදිරිනිතිය ළිහිල් කිරීම සිදු කෙරෙන අවස්ථාවේ තම අත්‍යාවශ්‍ය කටයුතු සදහා නගරවලට පැමිණිය ද මෙම අවධානම් සහගත අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් හා ආරක්ෂක අංශ මගින් ලබා දී ඇති අවවාද හා උපදෙස් උපරිමයෙන් පිළීපදින ලෙසත් කැකිරාව පොලිසිය මහජනතාවට දැනුම් දීමක් කරයි.     



අදහස් (0)

කැකිරාවේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 284 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site