කොරෝනා වයිරසය ආසාදනයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවා තිබේ.
ඒ අනුව මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 31882 කි.
මේ අතරින් මරණ 10.023 ක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.
මීළඟට වැඩිම මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එම ගණන 6528 කි.
චීනයෙන් වාර්තා වන මරණය සංඛ්‍යාව 3,300 ක් වේ.
මීට අමතරව ඉරානයෙන් මරණ 2640 ක් ප්‍රංශයෙන් මරණ 2314 ක් හා අමෙරිකාවෙන් මරණ 2191 ක් වාර්තා වෙයි.
ලොව පුරා මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 68,1706 වේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එනම් රෝගීන් 12,4686 ක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.
ඉතාලියෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 92,472 කි.
ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 199 ක මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තවී තිබේ.
(සීඑන්එන් ඇසුරෙනි)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd