විවෘත කිරීමට නියමිත කාර්යාල සංකීර්ණයක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබදව අභිනවයෙන් ඉදිකර ඇති සිව්මහල් කාර්යාල සංකීර්ණය, මැතිවරණ ප්‍රචාරණය සඳහා අනිසි වාසියක් ගැනීමේ අරමුණෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 2 වැනිදා විවෘත කිරීමට නියමිත යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් අද (30) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.