මොරටු පුරපති ඇතුළු පිරිස ආරම්භ කළ උපවාසය අවසන් වඩු මඩු තහනම් කරන බවත් අවුරුදු පහක කාලයක් ඇතුළත වෙනත් රැකියා සොයා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළකරමින් මොරටුවේ පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ වඩු කාර්මිකයෙක් ආරම්භ කළ උපවාසය අද (12) අවසන් කළහ. 12 June 2019
භික්ෂූන් වහන්සේලා රක්ෂණය 26 වැනිදා අරලියගහ මන්දිරයේදී භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා සවස 3.00 ට කොළඹ අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ. 12 June 2019
මඩකලපුව සරසවිය රජයට පවරාගැනීමේ ඇති හැකියාව බලන්නැයි අගමැති කියයි මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල පනතේ 70 (F) වගන්තිය යටතේ රජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතා වෙත ලියා දන්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට අද (12) උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 12 June 2019
‘ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා’ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ඔහු විසින් මඩකලපුව ප්‍රදේශයේ ගොඩ නගා ඇති ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීම වෙනුවෙන් ගෙන යන සටනේදී හිතවත්කම් පසෙක දමා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. 12 June 2019
ජපුර සරසවියේ සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදුන් බව කියන එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටවූ බව උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංහ මහතා පැවැසීය. 12 June 2019
‘එච්අයිවී-සිපිලිස්‘ ශ්‍රී ලංකාවේදී මවගෙන් දරුවාට බෝවීම නවතී එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග, මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 12 June 2019
ජනාධිපති හෙට ටජිකිස්ථානයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට(13) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය. 12 June 2019
මාලදිවයිනේ ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙති. 12 June 2019
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මාධ්‍යයට දොර වැසෙයි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. 12 June 2019
කංජිපානි ඉම්රාන් ඇතුළු 3ක් අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රැඳවුම් නියෝග මත රඳවා සිටින පාතාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද(12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළේය. 12 June 2019
තඹ කම්හලේ සිද්ධියේ සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ්ට අයත්, අගුළු දා මුද්‍රා තබා තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ ඉබි යතුරු කඩා තඹ සොරකම් කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(12) නියෝග කළේය. 12 June 2019
බෝ අත්තක් කඩා වැටී පෙරපාසල් දරුවන් 15කට තුවාල නාරම්මල පහමුණේ ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි බෝධියක් අසළ අද(12) සිල් සමාදන්වීමේ නිරතව සිටි පෙර පාසලක දරුවන් පිරිසක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් දරුවන් 15 දෙනෙකු තුවාල ලබා ඇත. 12 June 2019
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමු වී තිබෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ප්‍රකාශ කළාය. 12 June 2019
‘ජාත්‍යන්තරයට වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්වෙලා’ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹ දී අද (12) පැවසූහ. 12 June 2019
බදියුදීන්ට-අසාද් සාලිට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද කොළඹ කොටුව පොලිස් මූස්ථානයට පැමිණ සිටියහ. 12 June 2019
කොළඹ නගර සභාවට කෝටි තුනහමාරක ස්කෑනරයක් කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි 3 ½ ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වේ. 12 June 2019
අගමැති සිංගප්පූරු යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින සංචාරයක් සඳහා අද(12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. 12 June 2019
රංජන්ට එරෙහි පැමිණිල්ලට චෝදනා පත්‍රයක් දෙන්නැයි නීතිපතිට නියෝග අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවැනි පැමිණිල්ලට අදාළව ඉදිරි මාසය ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නීතිපතිවරයාට නියෝග කරන ලදී. 12 June 2019
අල්ලස් නඩුවේ අධි චෝදනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවට ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසමුදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා වූ පියදාස දිසානායක යන මහත්වරුන් සම්බන්ධ අල්ලස් නඩුව ස්ථිර ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීමට අධිචෝදනා ගොනුකිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට නිර්දේශ ලබා දී තිබේ. 12 June 2019
එජාපය යැවූ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 11 June 2019
මහින්දානන්දට එරෙහිව ත්‍රිපුද්ගල මහධිකරණය හමුවේ නඩු පවරන්න අගවිනිසුරු අවසර දෙයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැයකර විදේශීය රටකින් ආනයනය කළ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු අරමුණු කරගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් කොමිසමට අවසර දුන්නේය. 11 June 2019
‘‘පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු රට සිංහලේ නාමයෙන්ම ගොඩනැගිය යුතුයි‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇද වැටුණු අපේ රට සිංහලේ නාමයෙන්ම ගොඩනැගිය යුතුයි යැයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අද (11) පැවසූහ. 11 June 2019
රතන හිමියෝ ඇතුළු පිරිසක් මඩකලපු විශ්වවිද්‍යාලයට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් සහ තවත් කිහිපදෙනෙකු නැගෙනහිර පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය අද (11) නිරීක්ෂණය කිරීමට පැමිණියහ. 11 June 2019
හිස්බුල්ලාට අගමැතිගෙන් තරවටුවක් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම්වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 11 June 2019
ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 17 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු 17 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) පත්කරනු ලැබීය. 11 June 2019
පොලිස් නිලධාරීන්ගේ දීමනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව වැඩිකර තිබූ පොලිස් නිලධාරීන්ට නීත්‍යනුකූලව හිමිවිය යුතු ඒකාබද්ධ දීමනාව අඩුකිරීමට තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පවසමින් තම දීමනාව අඩුකිරීමට ගත් තීරණය අහෝසිකර වැඩිකළ දීමනාව ඒ අයුරින් ගෙවීමට නියෝග කරන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 11 June 2019
අල්ලස් ගත්තැයි කුලියාපිටිය වෛද්‍යවරයාට එරෙහි නඩුව 21 දා කැඳවයි රසායනාගාර වාර්තා ප්‍රතික්ෂේප නොකර සිටීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයෙන් රුපියල් 75,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලද බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේඥ්‍ය වෛද්‍යවරයාට එරෙහි නඩුව ලබන 21 වැනිදා කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) නියම කළේය. 11 June 2019
මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන - දුරකථන දීමනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ අද (11) පැවැති මහ සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව සහ දුරකථන දීමනාව රුපියල් 500 න් බැගින් වැඩිකිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 16 න් සම්මත විය. 11 June 2019
‘පාර්ලිමේන්තු කාරක සභාව ස්ථාවර නියෝගයන්ට පටහැනියි’ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් විභාග වන බැවින් ඒ ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් පවත්වාගෙන යාම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි කටයුත්තක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 11 June 2019
මොරටු පුරපති ඇතුළු සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක මොරටු පුරපති සහ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු මහනගර සභාව ඉදිරිපිටදී සිදුකළ සත්‍යග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර නොදැක්වීමෙන් අද (11) පුරපති ඇතුළු සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹුහ. 11 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026