සහරාන්ගේ ගෝලයා රඳවාගෙන ප්‍රශ්නකරයි ජාතික තවුහීත් ජමාත් නායක සහරාන් සමඟ සබඳතා පැවැත්වීයැයි සැකපිට අත්අඩංගුවට ලත් මුස්ලිම් තරුණයා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් නදීරා බෝගස්දෙණිය මහත්මියගෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරන බව වැලිමඩ පොලිසිය පවසයි. 17 June 2019
මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැයි කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි. 17 June 2019
‘පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි’ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩදී පැවසිය. 17 June 2019
පාර්ලිමේන්තු කාරක සභාව අර්බුදයක දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොඑවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමේ ගැටලුවක් මතුවීම නිසා කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව එම කමිටු ආරංචිමාර්ගවලින් පැවැසේ. 17 June 2019
‘‘කිසිවෙකුත් නැත‘‘ තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කිරීමට යෝජනාවක් මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් තීරයක් ඡන්ද පත්‍රිකාවට අලුතින් එක්කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 16 June 2019
ලංකාදීප ආලෝක පුජාවේ දෙවැනි දිනය අදයි සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වැනි වරට පවත්වනු ලබන ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ ආලෝක පහන් පූජාවේ දෙවැනි දිනය අදයි. 16 June 2019
ජුනි අගදී ජනපති කාම්බෝජයේ සංචාරයක දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මාසය අවසානයේදී කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 16 June 2019
කබීර් හෂීම්ට ඇමතිධුරය භාරගන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක් කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 16 June 2019
අගරදගුරුතුමෝ සියෝන් දේවස්ථානයේදී බැතිමතුන් හමුවෙති පසුගිය අප්‍රේල් 21 වැනිදා මඩකලපුව සියෝන් දේවස්ථානයේ බොම්බ පිපිරීමේ සිදුවීමෙන් අනතුරුව පළමුවරට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද එහි සංචාරයක නියැලුණහ. 16 June 2019
‘ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාවරණය කරමින් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය. 16 June 2019
සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයෙකු අද (16) වැලිමඩ නිවසකදී අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි. 16 June 2019
ජනපති යළි දිවයිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තජිකිස්ථානයේ පැවති සමුළුවකට සහභාගී වීමෙන් පසුව තෙදින නිල සංචාරය නිමාකර අද (16) යළිත් දිවයිනට පැමිණියේය. 16 June 2019
ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු පිල ලකුණු 87 ක පහසු ජයක් අත්කර ගත්තේය. 15 June 2019
හිස්බුල්ලාගෙන් පැය 8ක ප්‍රකාශයක් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අද (15) සවස 5.45ට පමණ ත්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාශයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 15 June 2019
ඕස්ට්‍රේලියාව කඩුලු 7 ට 334 යි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් ලබාගත්තේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 15 June 2019
ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ සමාරම්භක උළෙල අද සීමාසහිත විජය පුවත්පත් සමාගම 16 වන වරටත් දායකත්වය දක්වන ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ සමාරම්භක උත්සවය අද (15) පස්වරුවේ එම පූජා භූමියේ දී ආරම්භ විය. 15 June 2019
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 15 June 2019
ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන් ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක සිටි ධීවරයෙකු අද (15) මුහුදට වැටි අතුරුදහන්ව තිබේ. 15 June 2019
රජයට එරෙහිව නුවරඑළියේ උද්ඝෝෂණයක් රට ඇමරිකන් කොළණියක් බවට පත්කරන ගිවිසුම් වහාම හකුලා ගන්නා ලෙස හා අන්තවාදී ත්‍රස්ත කල්ලිවලට උදව් කරන ලද මුස්ලිම් දේශපාලඥයන් වහාම අත්අඩංතුවට ගන්නා ලෙස රජයට බල කරමින් නුවරඑළිය නගරයේදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විණි. 15 June 2019
ජනාධිපතිවරණයට තරග කරන්නැයි මටත් ඉල්ලීම් තිබෙනවා ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදරිපත් වන්නැයි විවිධ පාර්ශවයන්ගෙන් තමාට ඉල්ලීම් ලැබී ඇතැයි දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තෝ පැවසූහ. 15 June 2019
කොල්ලුපිටියේදී දුම්රියේ ගැටී මවක් - දරු දෙදෙනෙක් මරුට කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී මවක් හා පිරිමි දරුවන් දෙදෙනෙකු කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (14) මියගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි. 14 June 2019
මාලදිවයින පාර්ලිමේන්තුවේ දූත පිරිසක් ලංකාවට මාලදිවයින පාර්ලිමේන්තුවේ දූත පිරිසක් දින තුනක සංචාරයක් සඳහා අද (14) කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ. 14 June 2019
බැදුම්කර සිද්ධියේ දේශපාලන සබැඳියාවන් නොසලකා හැරීම අනුමත කරන්න බෑ බැදුම්කර වංචාවේ දේශපාලන සබැඳියාවන් අතහැර චූදිතයන් නම් කිරීමෙන් සාධාරණයක් ඉටු වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (14) පැවසීය. 14 June 2019
බැදුම්කර වංචාවේ විත්තිකරුවන්ට නඩු පවරන දිනය අධිකරණයට දැනුම් දෙන්නැයි නියෝග මහ බැංකුව විසින් බැදුම්කර නිකුත් කිරීමෙන් අක්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් අලෝසියස් ඇතුලු දස දෙනෙකුට එරෙහිව ස්ථීර ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන්නේ කවදාදැයි යන්න නිශ්චිත දිනයක් නීතිපතිවරයාගෙන් විමසා ලබන 19 වැනිදාට පෙර අධිකරණය වෙත දැනුම් දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (14) පැමිණිල්ලට නියෝග කළාය. 14 June 2019
හිස්බුල්ලාගෙන් පැය තුනක ප්‍රකාශයක් මඩකලපුව පූනානි හි පවත්වාගෙන යන ෂරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දුෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය විසින් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතාගෙන් අද (14) පැය තුනක කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. 14 June 2019
නිකරුණේ අත්අඩංගුවට ගත්තැයි හසලක කතගෙන් පෙත්සමක් තමන් නැවක සුක්කානමක රුව රැගත් මැක්සි ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක්රයක රැව රැගත් ඇඳුමක් ඇඳ සිටිනවා යැයි වැරදියට වටහා ගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 14 June 2019
ඉන්දීය රජයේ උපකාර ඇතිව නිවාස ගැටලුව විසඳනවා ඉන්දීය රජයෙන් ලබා ගත හැකි සෑම උපකාරයක්ම ලබා ගනිමින් මෙරට නිවාස ගැටලුවෙන් පීඩා විඳින අසරණ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරන්නට ඇප කැප වී කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (14) පැවසීය. 14 June 2019
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි සයිටම් නඩුවට නව විනිසුරු මඩුල්ලක් මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් නව විනිසුරු මඩුල්ලක් අද (14) පත් කරනු ලැබීය. 14 June 2019
ඉදිකරමින් තිබූ බස් නැවතුම්පළක් කඩා වැටේ හිඟුරක්ගොඩ නගරයේ ඉදිකරමින් තිබූ බස් නැවැතුම්පළක් අද(14) දින පස්වරුවේ කඩාවැටීමෙන් මගී ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කර එය ජනතාවට තහනම් ප්‍රදේශයක් බවට පත්කළ බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 14 June 2019
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව ජුලි 26 දා ගාලූ වරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව ජූලි 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය. 14 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026