‘චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය 5 වැනිදා ‘‘
එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කිරීමේ ගිවිසුමකට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අනිද්දා (5) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.