එම්.සී.සී. ගිවිසුම වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම අගවිනිසුරුට
ඇමෙරිකා එක්සත් ජනපද සහස්ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ