වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු 6 කට නඩු
රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට එරෙහිව හා එම රිය අනතුර පිළිබඳව තොරතුරු වසන් කර රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොකර ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා වව්නියාව මහාධිකරණය හමුවේ අද (7) වෙන වෙනම නඩු පැවරීය.