(ටී.කේ.ජී.කපිල )
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තය ගෝලීය වශයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බැවින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබා දීමට සහ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයින්ගේ මාසික වැටුපෙන් 2.5% ත් 25% ත් අතර ප්‍රමාණයක් මාස 03 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත සියලුම වැටුප් වර්ධක ගෙවීම ද තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.
අප්‍රේල් මස (08) වැනි දින සිට (21) දින දක්වා කාලය තුළ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය පිරිවැය අවම කර ගැනීම සඳහා ඉහත පියවර වලට අමතරව සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමටත් , තම ප්‍රධාන සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර ගෙවීම් කල් දමා ගැනීමට සහ ඒවා අඩු කර ගැනීමටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය උත්සාහ ගනිමින් සිටින බවද ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොඳ දෙයක් ඒ සල්ලි වලින් දුප්පත් මිනිසුන්ට මේ වෙලාවෙ කෑම වේලක් දෙන්න පුළුවන්. අනික කවුරු හරි ඕනෑකමින් වසන් කරලා හෝ රෝහල් වලට ගිහින් යමක් කොරෝනා අසනීප තත්ත්වය සඟවා ඉදලා දොස්තර මහතුන්ට හෝ යම් කෙනකු ට හැම තැනම ගිහින් බෝකරනවනම් සාක්ෂි තියෙනව නම් ඔහුගෙන් එම මුදල අයකරන්න දඩයක් ලෙස එයින් තව දෙපැත්තක් වෙනවා.. එකක් නම් යන වියදම් වලට සල්ලි සොයාගත හැකියි. අනික දඩයක් ගහන බයට වැරදි නොකර ඉදිවී . රටට සෙතක් එකෙන් වෙන්නේ