IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාර්ය මණ්ඩලයේ වැටුප් කප්පාදු කරන්න යයි

(ටී.කේ.ජී.කපිල )

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තය ගෝලීය වශයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බැවින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබා දීමට සහ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයින්ගේ මාසික වැටුපෙන් 2.5% ත් 25% ත් අතර ප්‍රමාණයක් මාස 03 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත සියලුම වැටුප් වර්ධක ගෙවීම ද තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.

අප්‍රේල් මස (08) වැනි දින සිට (21) දින දක්වා කාලය තුළ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය පිරිවැය අවම කර ගැනීම සඳහා ඉහත පියවර වලට අමතරව සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමටත් , තම ප්‍රධාන සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර ගෙවීම් කල් දමා ගැනීමට සහ ඒවා  අඩු කර ගැනීමටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය  උත්සාහ ගනිමින් සිටින බවද ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (1)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාර්ය මණ්ඩලයේ වැටුප් කප්පාදු කරන්න යයි

Anton Austria Thursday, 02 April 2020 01:09 PM

ඇත්තටම හොඳ දෙයක් ඒ සල්ලි වලින් දුප්පත් මිනිසුන්ට මේ වෙලාවෙ කෑම වේලක් දෙන්න පුළුවන්. අනික කවුරු හරි ඕනෑකමින් වසන් කරලා හෝ රෝහල් වලට ගිහින් යමක් කොරෝනා අසනීප තත්ත්වය සඟවා ඉදලා දොස්තර මහතුන්ට හෝ යම් කෙනකු ට හැම තැනම ගිහින් බෝකරනවනම් සාක්ෂි තියෙනව නම් ඔහුගෙන් එම මුදල අයකරන්න දඩයක් ලෙස එයින් තව දෙපැත්තක් වෙනවා.. එකක් නම් යන වියදම් වලට සල්ලි සොයාගත හැකියි. අනික දඩයක් ගහන බයට වැරදි නොකර ඉදිවී . රටට සෙතක් එකෙන් වෙන්නේ

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site