(එච්.චන්දන)
නවගත්තේගම ඉගිනිමිටිය දෙවන ගම්මානයේ ඇදිරි නීති අවස්ථාවේ නිවසක් තුළ සූදු පිටියක් ( බුරු පොළක්) වටලා එහි සිටි පුද්ගලයින් 09 දෙනකු අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.
නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කල මෙම වැටලීමේදී , සූදු පොලේ තිබූ රු 25000/= මුදලක් , යතුරු පැදි 03 ක් , ත්‍රිවිල් රථයක් , මුව මස් කිලෝ 02 ක් , නීති විරෝධි මත් වතුර බෝතල් 02 ක් පොලීසය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දියයුතු දඩුවම තමයි බුරුවෙකුට කියා පයින් ගස්සන එක .