IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සුනඛ - බළල් මස් චීනයේ සෙන්ෂෙන් නගරය තහනම් කරයි

චීනයේ සෙන්ෂෙන් නගරය සුනඛයින්ගේ හා බළලුන්ගේ මස් විකිණීම සහ පරිභෝජනය තහනම් කර තිබේ

බලධාරීන් පවසන්නේ එය එවැනි ක්‍රියාමාර්ගයක් ගත් පළමු චීන නගරය බවයි.
 
කොරෝනා වයිරස වසංගතය හා වන සතුන්ගේ මාංශ ආහාරයට ගැනීම අතර සම්බන්දයක් පවතින බවට කථාබහට  ලක්වීමෙන් හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී චීනයේ වන සතුන් වෙළඳාම සහ පරිභෝජනය තහනම් කෙරිණ.
 
සෙන්ෂෙන් තවත් පියවරක් ඉදිරියට තබමින් බල්ලන් සහ බළලුන් සම්බන්දව ද තහනම දීර්ඝ කළේය. 
 
නව නීතිය මැයි මස 1වන දින සිට බලපැවැත්වෙනු ඇත.
 
හියුමන් සොසයිටි ආයතනය පවසන්නේ ආසියාව පුරා වසරකට සුනඛයින් මිලියන 30ක් පමණ මරා දමන බවයි.
 
"සෑම වසරකම චීනයේ සුනඛයින් මිලියන 10ක් සහ බළලුන් මිලියන 4ක් මරා දමන මෙම කුරිරු වෙළඳාම අවසන් කිරීමට ගත් උත්සාහය සැබවින්ම ප්‍රශංසනීයයි."
 
යනුවෙන් හියුමන් සොසයිටි ආයතනයේ ප්‍රතිපත්ති විශේෂඥ ආචාර්ය පීටර් ලී පැවසීය.
කෙසේවෙතත් මේ අතර තුර කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වළසුන්ගේ පිත යොදා ගැනීම චීන රජය අනුමත කර තිබේ.
 
ජීවී වළසුන්ගෙන් ලබාගන්නා පිත් ශ්‍රාවය චීන සාම්ප්‍රදායික වෙදකම සඳහා දීර්ඝ කාලයක සිට භාවිතා කර තිබේ.
 
නමුත් එය කොරෝනා වයිරසයට එරෙහිව යොදා ගතහැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර එම ක්‍රියාවලිය සතුන්ට වේදනාකාරී හා කරදරකාරී වන බව සත්ත්ව අවිහිංසා සංවිදාන පවසයි.
 
ඇනිමල් ඒෂියා ෆවුන්ඩේෂන් හි ප්‍රකාශක බ්‍රයන් ඩේලි පවසන්නේ වන සතුන්ගෙන් ආරම්භ වූ මාරාන්තික වයිරසයකට එරෙහිව සටන් කිරීම සඳහා වළස් පිත වැනි වනජීවීන්ගෙන් ලබා ගන්නා දේ මත විශ්වාසය නොතැබිය යුතු බවයි.
 
කෙසේවුවද වයිරසයේ ප්‍රභවය කුමක්ද යන්න හෝ එය මිනිසුන්ට ව්‍යාප්ත වූයේ කෙසේද යන්න සොයාගැනීමට පර්යේෂකයන් තවමත් සමත් වී නැත.
 
(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (4)

සුනඛ - බළල් මස් චීනයේ සෙන්ෂෙන් නගරය තහනම් කරයි

sugath Thursday, 02 April 2020 11:32 AM

අස්පයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීම.

:       0       0

Kumar Thursday, 02 April 2020 03:53 PM

කැබැල්ලාවන්ගේ මස් තහනම් කරලා නැහැ නේද? කොරෝනාවට පිළියම් කිරීමට වලස්පිත අනුමතකල නිසා ලංකාවේ ඉන්න වල්ලස්සුටික මරන්න පටන්ගනී.

:       1       1

BamunuarachchiSaturday, 04 April 2020 04:54 AM

කිව්වොත් ගොන් කතාවක් තමයි

:       0       0

KumarSaturday, 04 April 2020 03:08 PM

සත්‍ය සදහන් කරනවට අකමැතිද? ලංකාවේ සමහර අයට ගණනක් දුන්නා නම් ඕන දෙයක් ගෙනත් දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site