IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


උතුරේ ජනතාවගේ ජල - විදුලි බිල්පත් මාස 6 කට අය නොකරන්නැයි ඉල්ලීමක්

( ඔගස්ටින් ප්‍රනාන්දු)           

ඇදිරි නීතිය පැනවි ඇති නිසා මේ වන විට ආර්ථික වශයෙන්  දැඩි ලෙසින් පීඩනයට පත්වි ඇති උතුරු කරයේ ජනතාවගේ ජල හා විදුලි බිල්පත්  මාස හයක කාලයක් සදහා අය කර නොගන්නා මෙන් මන්නාරම ප්‍රාදේශීය සභවේ සභාපති එස්.එච්.එම්.මුජාහීර් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   මහතා  වෙතින් ඉල්ලීමක් කර ඇත.
 
කොරෝනා වයිරස් රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම පිණිස රජය විසින්  මේ වන විට උතුරු කරය සදහා අඛණ්ඩව ඇදිරි නීතිය පනවා ඇති බැවින් එහි ජීවත් වන ජනතාව විශේෂයෙන්ම අඩු ආදායම්ලාභි පවුල් දැඩි ලෙසින් ආර්ථික පීඩනයකට මුහුණ දෙන බැවින් ඔවුන්ගේ ඔවුන් ජීවත්විම පිණිස විශාල අරගලයක නිරතව සිටින බවත් මේ නිසා ඔවුන් කෙරෙහි අවධානය යොමු කරණ ලෙසත් ප්‍රාදේශීය සභවේ සබාපතිවරයා පෙන්වා දෙයි.
 
මේ නිසා මෙම වසරේ මාර්තු මාසයේ සිට ඉදිරි මාස හයක කාලයක් සදහා උතුරේ ජනතාවට ලබා දෙන ජලය හා විදුලිය සදහා මුදල් අය කර නොගන්නා ලෙසත් මුජාහීර් මහතා ඉල්ලා ඇත.



අදහස් (12)

උතුරේ ජනතාවගේ ජල - විදුලි බිල්පත් මාස 6 කට අය නොකරන්නැයි ඉල්ලීමක්

wije Wednesday, 01 April 2020 04:37 AM

උතුරේ විතරක් නෙවෙයි මුළු ලංකාවටම එහෙම කරන්න. මේ වෙලාවේ හැම මනුස්සයකුම අසරණ වෙලා ඉන්නේ.

:       0       23

de silva Wednesday, 01 April 2020 05:13 AM

කොහොමද එහෙම කරන්නේ ? අඩු ආදායම්ලාභී ජනතාවට යම් සහනයක් දෙන එක වෙනම වැඩක්... එහම නැතුව හැමෝටම දුන්නොත් ව්‍යාපාරිකයෝ කොහේ හරි ගෙයක් බද්දට අරගෙන එක ඇතුලේ ෆැක්ටරියක් දමාගෙන හොඳට හම්බුකරගෙන මාස 6 පස්සේ මණ්ඩලේට පොලු තියල මාරුවෙවී , දෙනව නම් උතුරට පමණක් දෙන්න බැහැ. මුලුරටටම දෙන්න ඕනේ... එහෙම කලොත් මණ්ඩලේට මාස 2-3 කට වැඩිය දුවන්න බැරිවේවි .

:       0       0

Asarana Kolla Wednesday, 01 April 2020 05:59 AM

ඇයි ඒ පැත්තේ අය විතරයිද අසරණ? අනික් පැතිවල ඉන්න මිනිස්සු සනීපෙන්ද ඉන්නේ?

:       0       1

KAP Wednesday, 01 April 2020 06:11 AM

අනික් පළාත්වල අයගේ ජිවිත සුකිත මුදිත වෙලා කියලද හිතන්නේ...? මේ තමයි නියම ජාති වාදියෝ . තමන් ගැන විතරයි . සිංහල අපි නෙමෙයි ජාති වාදියෝ. මේ අය...

:       1       15

kamal Wednesday, 01 April 2020 06:31 AM

දකුණේ ඉන්නේ කොටිපතියෝද?

:       1       13

dilan Wednesday, 01 April 2020 07:05 AM

එතකොට දකුණු පළාතේ ඉන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව නෙමෙයිිි ද? ඒ ගොල්ලෝ සල්ලි වල ගිලිලද ඉන්නේ? අනේ මෙහෙමත් මිනිස්සු.

:       1       19

අත්තා Wednesday, 01 April 2020 07:46 AM

අනිත් පළාත් වල ඉ් මිනිස්සු නෙවෙයිද ආයි්න් ?

:       1       5

නෙවිල් Wednesday, 01 April 2020 09:10 AM

රටටම කුඩු විකුණලා, පරණ බේත් හොර ලේබල් ගහලා විකුණලා, පරණ සෝසේජස් අළුත් ලේබල් ගහලා විකුණලා බුදු සරනයි කියලා ලොරියේ ගහගෙන හොර හරක් මස් ඇදලා සල්ලි හම්බ කරලා, වනාතවිල්ලුව විනාශ කරලා, දීගවාපිය ඩෝසර් කරලාදැන් පිනට ලයිට් වතුර ඉල්ලනවාද ?

:       0       18

රවින් Wednesday, 01 April 2020 09:28 AM

කොහෙන්හරි ගානක් කඩාගන්න විදිහක් හොයනවා. මොන වසංගතේ හිරි හැදිලා තොරතෝංචි වෙලා ගියොත් තමා ලෝකෙටම නිදහස ලැබෙන්නේ.

:       0       1

විපරමා Wednesday, 01 April 2020 09:54 AM

මුලු රටේම ඉන්න කිසිවක් කරකියා ගන්ඩ බැරි අසරණයන්ට කාගේ පිහිටක්ද? දුශිත දේසපාලුවන්ට, බලපුලුවන්කාරයන්ට නම් අවුලක් නැතුවා.

:       0       1

sharm warn Wednesday, 01 April 2020 10:34 AM

උතුරේ විතරක් නෙමෙයි ලංකාවේ හැම පළාතකම ඉන්නවා මේ වෙලාවේ අසරණ වුුුුනු ජනතාව.. එහෙම සහනයක් දෙනවා නම් එක ලංකාවට ම දෙන්න..

:       0       3

dilan Wednesday, 01 April 2020 01:34 PM

දේශපාලකයෙක්ගේ අනුගුත්තේරු කතාවකට සියලුම පාටකයන් එක හඩින්ම විරෝධතාවය ප්‍රකාශ කරපු අවස්ථාවක්. කිසිම "ඩිස්ලය්ක්" එකක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31502 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13835 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 298 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site